ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්රාන්තයේ පවතින සේවක හිඟය පියවා ගැනීම සඳහා දක්ෂ විදේශීය ශ්රමිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කර තිබෙනවා.
එහි කොටසක් ලෙස Christchurch, Wellington සහ Auckland නගරවල රැකියා හා සංක්‍රමණ තොරතුරු වැඩසටහන් පවත්වා ඇති අතර, අවසන් වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා Aucklandහිදී පැවැත්වුණා.
පතල්, බලශක්ති, කෘෂිකර්ම, සංචාරක, තාක්ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍ර Northern Territoryහි වර්ධනය වන ප්‍රධාන කර්මාන්ත ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු සමඟ සුදුසු සේවකයන් සම්බන්ධ කිරීම සඳහා Territory WorkerConnect නමැති ඩිජිටල් රැකියා පද්ධතියද ක්‍රියාත්මකයි.
සුදුසුකම් සහ සේවා පළපුරුද්ද ඇති ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය වෘත්තිකයන්ට එම පද්ධතිය හරහා රැකියා අවස්ථා සොයා සේවායෝජකයන් සමඟ සම්බන්ධ විය හැකියි.
රැකියා අවස්ථාවක් ලැබුණත් අදාළ වෘත්තිය, Skills Assessment, ඉංග්‍රීසි සුදුසුකම් සහ වීසා කොන්දේසි සපුරාලීම අනිවාර්ය වනවා.
කෙසේ වෙතත් මෙය ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂයෙන් විවෘත කළ නව වීසාවක් නොවන අතර, Northern Territory රැකියා සහ රජයේ සහාය ලබන සංක්‍රමණ මාර්ග විදේශීය ශ්‍රමිකයන්ට හඳුන්වාදීමේ වැඩසටහනක් බව පැහැදිලි කළ යුතුයි.
නිල තොරතුරු: Northern Territory Government