

වික්ටෝරියාවට පැය 48ක තීරණාත්මක තද වැස්සක්
වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා.
මෙල්බන් නගරයට සැප්තැම්බර් මාසය පුරා ලැබී තිබුණේ වැසි මිලිමීටර් 18ක් පමණක් වන අතර, බ්‍රහස්පතින්දා පස්වරුවේ පැයක කාලයක් තුළම මිලිමීටර් 20ක වැසි ලැබුණා.
වික්ටෝරියාවේ North East හි ඇතැම් ස්ථානවල අද මිලිමීටර් 15 සිට 60 දක්වා වැසි ලැබිය හැකි අතර, තද ගිගුරුම් සහිත වැසි සමඟ හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමද පවතින බවයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසන්නේ.

වික්ටෝරියාවේ Gippsland, North East සහ Central ප්‍රදේශ ආවරණය වන ජල පෝෂක කලාප 16ක් සඳහා සුළු සිට මධ්‍යම මට්ටමේ ගංවතුර අවදානමක් හේතුවෙන් Flood Watch නිකුත් කර තිබෙනවා.
බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා වික්ටෝරියාවේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50කට වැඩි වැසි ලැබිය හැකි අතර, NSW සහ South Australia ප්‍රදේශවලත් මිලිමීටර් 20 සිට 50 දක්වා වැසි අපේක්ෂා කරනවා.
විශේෂයෙන් කඳුකර සහ පහත්බිම් ප්‍රදේශවල තද වැසි හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම සහ හදිසි ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් රියදුරන් සහ ප්‍රදේශවාසීන් අවධානයෙන් සිටින ලෙසයි උපදෙස් දී ඇත්තේ.
ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...
Sydney හි විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන පරිගණක අධික ලෙස උණුසුම් වීම පාලනය කිරීමට ලොව පළමු ආකාරයේ නව සිසිලන...
Toowoombaහි පැවති Thunder on the Downs මෝටර් රථ තරඟයේදී Sydney ක්‍රීඩක Michael Sallerගේ මෝටර් රථය අනතුරකට ලක්ව ගිනිගෙන තිබෙනවා. තරඟයේදී...
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...
ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ ආරක්ෂක සිදුවීම අතරතුර ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ද...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...
මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශ කිහිපයක

Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය කුඩා ව්‍යාපාර අතර විරෝධයට හේතු

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ සංක්‍රමණ

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට රාත්‍රී 8 දක්වාත්,

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT, New South Wales සහ South Australia ප්‍රදේශවල එදින කම්කරු

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa එකකට මාරුවීමට බලාපොරොත්තු වන බොහෝ