Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය කර තිබෙනවා.
මෙම වැඩසටහන හරහා තෝරාගත් සාමාජිකයින්ට නොමිලේ නිෂ්පාදන ලබාගෙන ඒවා පිළිබඳ සමාලෝචන සහ අදහස් ලබාදීමට අවස්ථාව තිබුණා.
Bunch වෙබ් අඩවිය මඟින් සාමාජිකයින්ට cooking recipes බෙදාගැනීම සහ සාකච්ඡා මණ්ඩපවල අදහස් හුවමාරු කරගැනීමේ පහසුකම්ද ලබාදී තිබුණා.
වැඩසටහන වසා දැමීමත් සමඟ එම ක්‍රමය හරහා ලබාදුන් නොමිලේ නිෂ්පාදන සාම්පල් තවදුරටත් ලබා නොදෙන බවයි Woolworths පවසන්නේ.
සමාගම කියාසිටියේ පාරිභෝගික සමාලෝචන Bunch වෙන් වූ වේදිකාවක් හරහා නොව, ඉදිරියේදී Woolworths වෙබ් අඩවිය සහ ඇප් තුළම එකතු කිරීමට සැලසුම් කර ඇති බවයි.
දැනට Bunch හි ඇති ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචන Woolworths වෙබ් අඩවියට සහ ඇප් එකට මාරු කරන අතර, දිගුකාලීන Bunch සාමාජිකයින්ට Everyday Rewards ගිණුම් හරහා විශේෂ ස්තුති දීමනා ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, Everyday Rewards වැඩසටහනට මෙම වෙනස බලපාන්නේ නැති බව Woolworths පැහැදිලි කර තිබෙනවා.








