Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

වෛද්‍යවරුන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සමඟ මාස දාහතරකට වැඩි කාලයක් සාකච්ඡා පැවතියද මේ දක්වා එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ දිගු සේවා මුර, අධික වැඩබර සහ රාත්‍රී සේවා මුර වැඩිවීම හේතුවෙන් රෝහල්වල සේවය කරන පිරිස් දැඩි පීඩනයකට මුහුණදෙන බවයි.

Advertisement

සේවා මුරයක වැඩ කරන පැය ගණන සීමා කිරීම, අඛණ්ඩ රාත්‍රී සේවා මුර සංඛ්‍යාව අඩු කිරීම සහ සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි වසර හතර තුළ වැටුප් සියයට 28කින් වැඩි කිරීමක්ද ඔවුන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව සඳහන්.

Banner 01

හෙට වර්ජනය පැවැත්වෙන පැය හතරක කාලය තුළ හදිසි ප්‍රතිකාර සහ දැඩි සත්කාර වැනි අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර තිබුණද, හදිසි නොවන සැත්කම් සහ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවලට බලපෑම් ඇතිවිය හැකි බව වාර්තා වනවා.

මාස දෙකක පමණ කාලයක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන තුන්වන වෘත්තීය ක්‍රියාමාර්ගය මෙය වන අතර, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකෙරෙමින් පවතිනවා.

 

#VictoriaDoctors #DoctorsStrike #AustraliaNews #VictoriaNews #MelbourneNews #AustralianHealthcare

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වසන්ත කාලගුණය ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාලය ආරම්භ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ මුහුදු සර්ප...

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අනුපාතය පසුගිය වසර තුළ 3.8%කින් අඩු වී තිබුණත්, වික්ටෝරියා පොලිසිය තවමත් නිලධාරීන්ගේ හිඟයකට මුහුණ දෙමින් සිටින බව...

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය...

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට සහකරු හෝ සහකාරියගේ වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ පවුල්, තමන්ට ප්‍රමුඛතාව අඩුවීම පිළිබඳ තීරණය නැවත සලකා බලන ලෙස...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...

ඔස්ට්‍රේලියානු රජයේ 5% Deposit Scheme යටතේ නිවසක් මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට (First-home buyers), නිවසේ වටිනාකම ඉතිරි ණය මුදලට වඩා පහළ...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත අපරාධ අනුපාතය පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සියයට 3.8 කින් පහත වැටී ඇති බව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වර්ජනය හෙට

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වර්ජනය හෙට

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි

Read More »

University of Melbourne ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය වසරේ 37 වන ස්ථානයේ පසුවූ

Read More »

$15කින් ඔබේ Car එක සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න – Kmart වෙතින් අපූරු විසඳුමක්

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් ඉහළ යාමත් සමඟ, Kmart විසින් අඩු මිලට වාහන ආරක්ෂක උපකරණ (Anti-theft devices) දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඩොලර් 19 කට steering wheel

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය යළි ඉහළට

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි අවධානයක් යොමු කරන මූලික උද්ධමන

Read More »

ශ්‍රී ලංකාවේ Dual Citizenship ගැන අලුත් නීතියක්

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

Read More »

ජීවන වියදමෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට තවත් සහන – වසර අවසානයේ අලුත් පැකේජයක්

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO) ප්‍රකාශයට පත් කරන බව අගමැති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom