Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ඇතැම් ආහාර නිෂ්පාදනවල ලේබලයේ සඳහන් රට හෝ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ ස්වාධීන විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල අතර වෙනස්කම් ඇති බව අනාවරණය වී තිබෙනවා.

මාස අටක් පුරා සිදුකළ පරීක්ෂණයකදී තක්කාලි නිෂ්පාදන, කහ කුඩු, බිත්තර සහ මුහුදු ආහාර ඇතුළු නිෂ්පාදන සිය ගණනක් විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර, ඇතැම් නිෂ්පාදන ලේබලයේ සඳහන් තොරතුරු සමඟ පරීක්ෂණ ප්‍රතිඵල නොගැළපෙන බව හෙළිවී තිබෙනවා.

විශේෂයෙන් තක්කාලි පේස්ට් සහ අනෙකුත් තක්කාලි නිෂ්පාදන කිහිපයක් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී, ඔස්ට්‍රේලියාවේ හෝ ඉතාලියේ නිෂ්පාදිත බව සඳහන් කර තිබූ ඇතැම් නිෂ්පාදනවල තක්කාලි චීනයෙන් ලබාගත් ඒවා බවට විද්‍යාත්මක පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

Advertisement

එමෙන්ම කහ කුඩු නිෂ්පාදන කිහිපයක පිරිසිදුභාවය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇති අතර, එක් වෙළඳ නාමයක කහ කුඩු සාම්පල කිහිපයක ආහාරයට එක් කිරීමට අවසර නොමැති lead chromate ඇතුළු ද්‍රව්‍ය පිළිබඳ සලකුණු හඳුනාගෙන තිබෙනවා.

බිත්තර සහ මුහුදු ආහාර සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකර ඇති අතර, South Australia හි Woolworths වෙළඳ නාමය යටතේ cage-free ලෙස අලෙවි කළ ඇතැම් බිත්තර පිළිබඳ පරීක්ෂණ ප්‍රතිඵල එම ලේබලය සමඟ නොගැළපුණු බවත්, ඔස්ට්‍රේලියානු බව සඳහන් කළ ඇතැම් frozen seafood නිෂ්පාදනවල රට පිළිබඳ තොරතුරුද ප්‍රශ්නකාරී බවත් වාර්තා වී තිබෙනවා.

Banner 01

මෙම අනාවරණයෙන් පසුව Australian Competition and Consumer Commission හෙවත් ACCC විසින් පාරිභෝගිකයන් නොමඟ යවන ආහාර ලේබල් සහ ඇසුරුම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ පරීක්ෂණ සහ වෙළඳ සමාගම්වල ප්‍රතිචාරද තවදුරටත් සලකා බලමින් සිටිනවා.

මේ අතර පරීක්ෂණවලට ලක්වූ ඇතැම් සමාගම් එම විද්‍යාත්මක ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර ඇති අතර, තම නිෂ්පාදන සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ලේඛන සහ පවතින තොරතුරු අනුව නිවැරදි බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් අවසන් නීතිමය තීරණ තවමත් ප්‍රකාශයට පත්වී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

ඔස්ට්‍රේලියාවේ dating apps භාවිතා කරන කාන්තාවන්ට සිදුවන අහිතකර අත්දැකීම් ගැන කළ නව research එකකින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිවෙලා තියෙනවා. Minderoo...

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...

Victoria හි Mildura ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාර ආසන්න වශයෙන් 3,000කට බලපා ඇති විදුලි බිඳවැටීම තවදුරටත් පැවතීමත් සමඟ වැඩිහිටියන් සහ වෛද්‍ය...

Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර වැදගත්...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ආහාර ලේබල් ගැන පාරිභෝගිකයන්ට වැදගත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom