Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු බවට පත්ව තිබෙනවා.

ඔහු පමණක් නොව, ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තවත් විදේශීය වෛද්‍යවරු තිදෙනෙකු සේවය කරන අතර, වයෝවෘද්ධ සත්කාර සේවයේ සේවකයින්ගෙන් විශාල කොටසක් ද විදේශයන්ගෙන් පැමිණි අයයි.

Corowa ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 80ක් පමණ විදේශයන්හි උපත ලැබූ අය බවයි Regional Development Australia Murray පවසන්නේ.

Advertisement

එම සංවිධානයේ දක්ෂ සංක්‍රමණ වැඩසටහන හරහා පසුගිය මාස 18 තුළ සේවකයින් 240ක් සහ ඔවුන්ගේ පවුල් ප්‍රදේශයට ගෙන්වා ඇති අතර, ඒ අතරින් සියයට 70ක් පමණ සෞඛ්‍ය සේවා රැකියා පුරවා තිබෙනවා. 

Albury Wodonga Health ද ප්‍රධාන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට විදේශීය පුහුණුව ලැබූ වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් බඳවා ගැනීම අත්‍යවශ්‍ය බවයි පෙන්වාදෙන්නේ.

Banner 01

වෛද්‍ය Yoosuff පෙන්වා දෙන්නේ සංක්‍රමණ සංඛ්‍යා අඩු කිරීම ගැන කතා කිරීමේදී ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය හිඟය සහ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේ කවුරුන්ද යන්නත් සැලකිල්ලට ගත යුතු බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකික වෛද්‍ය Alam Yoosuffගේ වසර 19ක සේවය එක් පුද්ගලයෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොව, ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සෞඛ්‍ය සේවාව සංක්‍රමණික වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයින් මත කොතරම් රඳා පවතිනවාද යන්න පෙන්වන ප්‍රබල උදාහරණයක් බවට පත්ව තිබෙනවා.

(ABC News)

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...

පර්ත් නගරයේ Casuarina ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වසර 7ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු 2019 වසරේ තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී තම...

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...

චීනයේ Alibaba සමාගම parameters ට්‍රිලියන 5ත් 10ත් අතර ප්‍රමාණයක් සහිත දැවැන්ත නව AI model එකක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ Ledcourt ප්‍රදේශයේ Western Highway මාර්ගයේ ඊයේ සවස සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ Mount...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැය හිඟය කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් අඩු වී ඇති බව භාණ්ඩාගාරික Jim Chalmers...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් රජය යළි බලයට පත් වුවහොත්, ප්‍රාන්තයේ Pubs සඳහා නව සහන රැසක් ලබා දීමට...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගෙන් හෙළිවන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික බලය

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »

ඔස්ට්‍රේලියා Budget එකෙන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිඵලයක්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා. Treasurer Jim Chalmers සඳහන් කරන්නේ

Read More »

Carpentry apprenticesලාගේ TAFE පාඨමාලා ප්‍රමාද වෙයි

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වෙනවා.

Read More »

පැය 48ක දැඩි වැසි නිසා ගොවිතැනට බලපෑම්

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී තිබෙනවා. මෙම වැසි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom