

මුදල් පීඩනය ආදරයටත් බලපාන බව ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළි වෙයි
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. University of

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
University of Melbourne විසින් HILDA Survey දත්ත විශ්ලේෂණය කර කළ මෙම පර්යේෂණයට අනුව, ඔස්ට්‍රේලියානු යුවළයන් තම සම්බන්ධතාවේ ගුණාත්මකභාවය සාමාන්‍යයෙන් ලකුණු 4.3ක් ලෙස, ලකුණු 5ක උපරිමයකින් තක්සේරු කර තිබෙනවා.
පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 72.6ක් සහ කාන්තාවන්ගෙන් සියයට 67.5ක් තම සහකරුට හෝ සහකාරියට ඉතා දැඩි ලෙස ආදරය කරන බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් නිවාස ණය, කුලී ගාස්තු සහ ජීවන වියදම වැනි වියදම් හේතුවෙන් ඇතිවන දැඩි මූල්‍ය පීඩනය සබඳතාවයක සතුටට බලපාන ප්‍රධාන සාධකය බව පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.
දරුවන් නිවසේ සිටීමද සබඳතාවලට බලපාන තවත් වැදගත් කරුණක් වන අතර, විශේෂයෙන්ම අවුරුදු 4ත් 7ත් අතර වයසේ කුඩා දරුවන් සිටින පවුල්වල සබඳතා සම්බන්ධයෙන් අඩු තෘප්තිමත් මට්ටම් වාර්තා වී තිබෙනවා.
සම්බන්ධතාව ආරම්භ කළ මුල් කාලයෙන් පසුව එහි ගුණාත්මකභාවය ක්‍රමයෙන් අඩුවී, එකට ජීවත් වීම ආරම්භ කර වසර 24කට පමණ පසුව එය පහළම මට්ටමකට පැමිණෙන බවත්, ඉන් පසුව නැවත ඉහළ යන බවත් HILDA දත්ත පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියානු යුවළයන්ගෙන් බහුතරයක් දුෂ්කර කාලයන් පසුකරමින් වුවද තම සබඳතා පවත්වාගෙන යන බවයි.
ඇමෙරිකාවේ විස්කොන්සින්–මැඩිසන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ශිෂ්‍ය සංගම් නිවසක පහළ මාලයෙන්, සිරුරුවල ආහාර සහ වෙනත් දියර තැවරුණු තරුණයන් 30 දෙනෙකු පමණ හමුවීමත්...
ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හෙට පොලී අනුපාත පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ සහ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් බහුතරයක් තවත් ඉහළ...
රටවල් හා අධ්‍යාපන පද්ධති 28ක දේශීය සිසුන් සඳහා වන වාර්ෂික උපාධි ගාස්තු සැසඳීමකදී ඔස්ට්‍රේලියාව අටවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. OECD හි...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
Victoria හි Drung ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 100ක වේග සීමාවක් සහිත මාර්ගයක පැයට කිලෝමීටර් 178ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ 23...
සිඩ්නි ගුවන්තොටුපළේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ Qantas ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සේවකයින් එකවර ආරම්භ කළ වැඩ වර්ජන දෙකක්...
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. University of

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ RBA විසින් සිදුකළ සිව්වන පොලී

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය යටතේ හැකි සෑම අවස්ථාවකදීම එවැනි

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව tax receipts, GDP එකේ 24.1%