Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය යොමුව තිබෙනවා.

මෙම තාක්ෂණය පුද්ගලයෙකුගේ මුහුණේ ලක්ෂණ හඳුනාගෙන ඒවා digital code එකක් බවට පත් කර, වෙනත් දත්ත සමඟ සැසඳීමට භාවිත කළ හැකි තාක්ෂණයක් බව සඳහන් වෙනවා.

Supermarket කර්මාන්තයේ පාර්ශ්ව පවසන්නේ මෙවැනි තාක්ෂණයක් භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ පාරිභෝගිකයන් සහ සේවකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සහ වෙළෙඳසැල් තුළ සිදුවන අපරාධ පාලනය කිරීම බවයි.

Advertisement

කෙසේ වෙතත්, තාක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මුහුණු හඳුනාගැනීම වැනි තාක්ෂණයක් භාවිතයට ගැනීමෙන් පසුව එය මුල් අරමුණෙන් ඔබ්බට වෙනත් කාර්යයන් සඳහා භාවිත වීමේ අවදානමක් තිබිය හැකි බවයි.

මේ අතර Australia Privacy Commissioner විසින් retail stores වැනි මහජනයා බහුලව පැමිණෙන ස්ථානවල Facial Recognition Technology භාවිතය සම්බන්ධයෙන් 2026 ජූලි මාසයේ නව මාර්ගෝපදේශද නිකුත් කර තිබෙනවා.

Banner 01

එම මාර්ගෝපදේශ අනුව biometric information ලෙස සැලකෙන මුහුණු දත්ත එකතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව නීති දැඩිව සැලකිල්ලට ගත යුතු අතර, තාක්ෂණය භාවිත කරන සෑම අවස්ථාවක්ම වෙන වෙනම නීතිමය වශයෙන් තක්සේරු කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

දැනට Coles සහ Woolworths දෙකම මෙම තාක්ෂණය ඔස්ට්‍රේලියාවේ සියලුම supermarket වෙත පුළුල් ලෙස හඳුන්වා දෙන බව නිවේදනය කර නැති අතර, ඒ නිසා ඉදිරියේදී පාරිභෝගික පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අතර සමබරතාවය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට යනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

ලබන සතියේ පැවැත්වෙන සංචිත බැංකුවේ (RBA) තීරණාත්මක රැස්වීමේදී cash rate එක යළි ඉහළ දැමීමට ඉඩ ඇති බවට වන අපේක්ෂාව දැඩි...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගියත් fuel excise බද්ද නැවත අඩු කිරීමක් දැනට සලකා නොබලන බව නියෝජ්‍ය අගමැති Richard...

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...

කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන NAB හි Mobile App, Internet Banking සහ දුරකථන බැංකු සේවා අද හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Supermarket යන ඔබගේ මුහුණට වෙන්න යන දේ

NDIS සේවා ගැන පැමිණිලි වැඩිවෙද්දී විසඳුම් ප්‍රමාද වෙයි

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම

Read More »

පුද්ගලයන් 14 දෙනෙකුට පමණක් ඇති දුර්ලභ ලේ වර්ගයක් ගැන ඔස්ට්‍රේලියාවෙන් පර්යේෂණයක්

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. University of Queensland සහ Australian

Read More »

Supermarket යන ඔබගේ මුහුණට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය

Read More »

ඔස්ට්‍රේලියාව පුරා අස්වනු නෙළීම ආරම්භ වෙයි

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Read More »

භාවිත නොකරන Mobile phones පරිත්‍යාග කරන්න වික්ටෝරියානුවන්ට අවස්ථාවක්

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම

Read More »

කාඩ් ගෙවීම්වල අමතර ගාස්තු නැතිවීමත් සමඟ බැංකු ප්‍රතිලාභවල වෙනසක්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom