

RBA තීරණයෙන් ඔබේ මාසික නිවාස ණයට මොකද වෙන්නේ? – අද තීරණාත්මක දිනයක්
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා.
පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ ගියහොත්, ඩොලර් 731,000ක් පමණ වන සාමාන්‍ය නිවාස ණයක මාසික ගෙවීම ඩොලර් 120කින් පමණ වැඩි විය හැකි බව SBS වාර්තා කරනවා.
ඒ අනුව වසරකට ගෙවීමට සිදුවන අමතර මුදල ඩොලර් 1,440ක් පමණ වන අතර, NSW හි සාමාන්‍ය ණය ගෙවන අයෙකුට මාසිකව තවත් ඩොලර් 138ක් පමණ ගෙවීමට සිදුවිය හැකියි.

පළමු නිවස මිලදී ගන්නා අය සඳහා සාමාන්‍ය ණය මුදල ඩොලර් 610,000ක් පමණ වන අතර, පොලී අනුපාතය ඉහළ ගියහොත් ඔවුන්ගේ මාසික ගෙවීමට ඩොලර් 100ක් පමණ එකතු විය හැකි බව සඳහන්.
එමෙන්ම පොලී අනුපාත ඉහළ යාම නිසා අලුතින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බැංකුවෙන් ලබාගත හැකි උපරිම ණය මුදලත් සියයට 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බව Canstar ගණනය කර තිබෙනවා.
දැනට ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවන අයගෙන් මිලියන 1.54ක් පමණ ණය ගෙවීමේ දැඩි පීඩනයකට ලක්වීමේ අවදානමක සිටින බව Roy Morgan දත්ත පෙන්වා දෙන අතර, තවත් පොලී අනුපාත ඉහළ යාම එම පිරිසට තවදුරටත් බලපෑම් කළ හැකියි.
RBA අද පස්වරු 2.30ට පොලී අනුපාත තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, එම තීරණයෙන් පසු නිවාස ණය ගෙවන අයගේ මාසික වියදම් සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයගේ ණය ගැනීමේ හැකියාව ගැන වැඩි අවධානයක් යොමුවනු ඇති.
#RBA #InterestRates #HomeLoans #Mortgage #AustraliaNews #Australia #AustralianNews #HomeLoanRates #MortgageRates
පසුගිය වසර තුළ cyberattack වලට ලක්වූ Australian organisations බොහෝමයකට එම ප්‍රහාරවලින් පසු යථා තත්ත්වයට පැමිණීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු වී...
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් සඳහා ලබාදෙන වීසා ස්ථාන විශාල ලෙස අඩු කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා. ඉදිරි...
වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසලක Jewellery Design පන්තියකදී සිසුවෙකුගේ අතේ ඇඟිලි තුනක අග කොටස් guillotine යන්ත්‍රයකට හසුවී කැපී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියානු...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකයන්ගේ හිඟය සහ අධික අතිකාල සේවය නිසා පද්ධතියට දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බව Civil Air සංගමය අනතුරු...
Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න...
Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...
Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...
ඔස්ට්‍රේලියාවේ diesel මිල ලීටරයකට $3 සීමාවට ළඟා වෙමින් තිබීමත් සමඟ රියදුරන්ගේ ඉන්ධන වියදම් ගැන නැවතත් අවධානය යොමුව තිබෙනවා. නවතම දත්ත...

ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලී

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. University of Queensland සහ Australian

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත් සමඟ පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය

Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙළීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා.

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම