පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව නිවේදනය කර තිබෙනවා.
සංචිත බැංකුව විසින් cash rate එක basis points 25කින් ඉහළ දමා සියයට 4.60ක් කළ අතර, එය වසර 15ක ඉහළම මට්ටමයි.
නව පොලී අනුපාත ඔක්තෝබර් 15 සිට ක්‍රියාත්මක වන අතර, transaction සහ savings accounts සඳහා ද පොලී වැඩි කිරීමටයි බැංකුව තීරණය කර ඇත්තේ.
Macquarie transaction account පොලිය සියයට 2.75 සිට සියයට 3 දක්වා ඉහළ යන අතර, ඩොලර් 250,000 දක්වා ඇති savings accounts සඳහා පොලිය සියයට 5 සිට 5.25 දක්වා වැඩි වනවා.
මේ අතර Commonwealth Bank, Westpac, NAB සහ ANZ තවමත් තම අවසන් තීරණ ප්‍රකාශ කර නොතිබුණත්, RBA වැඩි කිරීම පාරිභෝගිකයන් වෙත ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වනවා.
RBA දත්ත අනුව 2026දී බැංකු ණය පොලී cash rate වෙනස්කම් සමඟ පුළුල් වශයෙන් එකම දිශාවට ගමන් කර තිබෙනවා.
ඒ අනුව variable mortgage එකක් ගෙවන ඔස්ට්‍රේලියානු පවුල් සඳහා මාසික ණය වාරික තවත් වැඩි විය හැකි අතර, savings account හිමියන්ට මෙය වැඩි පොලී ආදායමක් ලබාදෙන තීරණයක් විය හැකියි.