

රජයේ නව වීසා නීති නිසා Backpackers ඔස්ට්‍රේලියාවෙන් ඈත්වෙයිද?
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත නායකයන් පවසනවා.
නව ක්‍රමය යටතේ දෙවැනි වසර සඳහා Working Holiday Visa ස්ථාන 57,000 සිට 45,000 දක්වා සීමා කිරීමටත්, තුන්වැනි වසර සඳහා ස්ථාන 31,000 සිට 5,000 දක්වා දැඩි ලෙස අඩු කිරීමටත් නියමිතයි.
දෙවැනි සහ තුන්වැනි වසර සඳහා ඉල්ලුම් කරන Backpackersලාට ballot ක්‍රමයකට මුහුණ දීමට සිදුවීම නිසා, ප්‍රාදේශීය ප්‍රදේශවල මාස ගණනක් සේවය කිරීමට තරුණයන්ගේ කැමැත්ත අඩු විය හැකි බවයි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

Cairnsහි Crystalbrook හෝටල් සමූහයේ සේවකයන් 500 දෙනාගෙන් සියයට 45ක් පමණ Working Holiday Visa හිමියන් වන අතර, නව නීති හේතුවෙන් දැනටමත් ඇතැම් දෙවැනි වසරේ සේවකයන් ප්‍රදේශය හැර යමින් සිටින බව එහි ප්‍රධානියා පවසනවා.
Far North Queensland ගොවිපළවල සේවකයන් 15,000කින් තුනෙන් එකක් පමණ Working Holiday Makers බවත්, ප්‍රමාණවත් සේවකයන් නොමැති වුවහොත් ඇතැම් පලතුරු අස්වනු නෙළා ගැනීමට නොහැකි වී අවසානයේ ආහාර මිල ඉහළ යා හැකි බවත් ගොවීන් අනතුරු අඟවනවා.
කෙසේ වෙතත්, ෆෙඩරල් රජය පවසන්නේ ඇතිවන සේවක හිඟය පිරවීමට Pacific Island රටවලින් වැඩි සේවකයන් යොදාගත හැකි බවයි.
මේ අතර ගොවිපළවල හදිසි සේවක අවශ්‍යතා සඳහා Working Holiday Visa අයදුම්පත් වේගවත් කිරීමට ද රජය කෙටි කාලීන එකඟතාවක් ඇතිකර තිබෙනවා.
සිඩ්නි නිරිතදිග Wedderburn ප්‍රදේශයේ සැලසුම් කර තිබූ අවදානම් අඩු කිරීමේ ගින්නක් (hazard reduction burn) දැඩි සුළං හේතුවෙන් පාලන සීමාවෙන් පිටතට...
ඔස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වීමට සැලසුම් කරන්නන් තම නිවස, මුදල් සහ දේපළ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛන තබාගැනීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට ආසන්න කාලයක් තිබියදී, One Nation පක්ෂයට ලැබෙන ජනතා සහය ඉහළ යාම තමන්ට “බියක් ඇති...
කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන මේ කාලයේ ලෝක රටවල් එක්ව වැඩ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි පවසනවා. ඔහු...
Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල ඉහළම මට්ටමක පවතින අතර, ඉදිරි කාලයේදීත් මිල ඉක්මනින් අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව විශේෂඥයින් පවසනවා. 2024 මැයි...
බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, Politico සහ MS Now යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනට White House එකට ඇතුළුවීම...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක හිඟයක් ඇතිවෙමින් තිබෙන බව කර්මාන්ත

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ලීටරයකට සෙන්ට් 4ක වට්ටමක් ලබාගත

පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත Macquarie Bank තම variable home loan rates සියයට 0.25කින් වැඩි කරන බව නිවේදනය කර තිබෙනවා. සංචිත බැංකුව

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය

OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන්