Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

Leonora ප්‍රදේශය වටා කිලෝමීටර් 800ක පමණ ප්‍රදේශයක මෙම අකුණු ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර, ඉන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් පැය 24ක් තුළ සිදුවී ඇති බව සඳහන්.

මෙම තත්ත්වයට නිවර්තන ප්‍රදේශවලින් පැමිණෙන තෙතමනය සහ සෙමින් ගමන් කරන අඩු පීඩන පද්ධතියක් හේතුවී ඇති බව කාලගුණ විශේෂඥයන් පවසනවා.

Advertisement

Kalgoorlie-Boulder ගුවන් තොටුපළ ප්‍රදේශයට පසුගිය සිකුරාදා සිට සඳුදා දක්වා මිලිමීටර් 66ක පමණ වැසි ලැබී ඇති අතර, එය සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය වැසි ප්‍රමාණය මෙන් පස් ගුණයකට ආසන්නයි.

මෙම කුණාටු තත්ත්වය බටහිර ඔස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයකට බලපා ඇති අතර, ප්‍රාන්තයේ දකුණු වෙරළේ සිට Kimberley ප්‍රදේශය දක්වාද කුණාටු වාර්තා වී තිබෙනවා.

Banner 01

කාලගුණ අනාවැකි අනුව මේ සතියේදීත් බටහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 30ත් 60ත් අතර වැසි සමඟ තවත් අකුණු මිලියනයක් පමණ වාර්තා විය හැකි බවයි සඳහන් වන්නේ.

එම නිසා කුණාටු සහ අකුණු ඇති අවස්ථාවලදී එළිමහනේ සිටීමෙන් වළකින ලෙසත්, කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් බලධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...

H5N1 bird flu ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය “Bird flu – Know what to do” නමින් සති 6ක...

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට්, ඩෙබිට් සහ EFTPOS කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අයකිරීම ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට තහනම් කිරීමට නියමිතයි. නව...

ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

අද උදෑසන 10.05ට ඔස්ට්‍රේලියාව වසන්ත සමයේ වැදගත් තාරකා විද්‍යාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනවා. එය Spring Equinox ලෙස හඳුන්වන අතර, මෙම කාලයෙන් පසු...

වසර 35ක විරාමයකින් පසුව නැවතත් මේස පන්දුවට පිවිසි Melbourne හි අමල් ඩයස් , මේ වසරේ Australian Veterans National Championships තරගාවලියේදී...

ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට අවශ්‍ය කාලයට විදේශීය සේවකයන් ලබාගැනීමට බාධාවක් වී තිබූ Backpacker Visa ප්‍රමාදය සම්බන්ධයෙන් ජාතික ගොවි සම්මේලනය සහ ෆෙඩරල් රජය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අකුණු මිලියන ගණනක් සමඟ ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට තද කාලගුණයක්

අකුණු මිලියන ගණනක් සමඟ ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට තද කාලගුණයක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. Leonora ප්‍රදේශය

Read More »

Medicare සිද්ධියට OpenAI ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමාව අයදියි

OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා

Read More »

පොලී තීරණයට පසු Chalmersගෙන් දැඩි ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක තෙල් මිල ඉහළ යාම හේතුවෙන්

Read More »

මුදල් පීඩනය ආදරයටත් බලපාන බව ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. University of

Read More »

ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නඩුවෙන් ගම්මන්පිළ නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

Read More »

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි නීති වෙනස් වෙයි

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. නව නීති යටතේ Auction

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom