වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ Finalist තත්ත්වයට තේරී පත්ව තිබෙනවා.
Housing Industry Association හෙවත් HIA විසින් පවත්වන මෙම සම්මාන වැඩසටහන ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම් සහ construction ක්ෂේත්‍රයේ වෘත්තීය පිළිගැනීමක් ලෙස සැලකෙන අතර, Professional Builder කාණ්ඩයේදී ව්‍යාපාර කළමනාකරණය, පාරිභෝගික සේවය සහ වෘත්තීය ප්‍රමිතීන් ඇතුළු කරුණු සලකා බලනවා.
Makray Homes හි Chairman සහ Founder ලෙස M. Hewa Pelandage කටයුතු කරන අතර, සමාගම Victoria සහ Queensland ප්‍රාන්තවල ලියාපදිංචි ඉදිකිරීම් සමාගමක් ලෙස custom houses, townhouses සහ multi-unit developments ඇතුළු නේවාසික ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකරන බව සඳහන් කරනවා.
සමාගමේ නිල තොරතුරුවලට අනුව, Makray Homes ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 18කට වැඩි අත්දැකීමක් ලබා ඇති අතර, මේ වනවිට ව්‍යාපෘති 200කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව සිදුකර තිබෙනවා.
Makray Homes පවසන්නේ 2026 HIA Victorian Professional Medium Builder කාණ්ඩයේ Finalist බවට පත්වීමත් සමඟ, Victoria ප්‍රාන්තයේ මෙම කාණ්ඩයේ Finalist තත්ත්වයට පත්වූ පළමු South Asian builder සමාගම බවට තමන් පත්ව ඇති බවයි.
වික්ටෝරියානු building sector එක තුළ වසර ගණනාවක් තිස්සේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් පැමිණ ඇති Makray Homes, Housing Industry Association හි සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන අතර, මෙම Finalist තේරීම සමාගමේ ඉදිකිරීම් සහ ව්‍යාපාරික ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කරනවා.
ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත නිවාස ඉදිකිරීම් සමාගමක් ලෙස Makray Homes මෙවැනි ප්‍රධාන වික්ටෝරියානු සම්මාන කාණ්ඩයක අවසන් වටයට පැමිණීම, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවටද විශේෂ අවධානයක් යොමු වූ ජයග්‍රහණයක් බවට පත්ව තිබෙනවා.