VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා.
Avon, Latrobe, Thomson, Macalister, Mitchell, Goulburn, Loddon, Avoca, Ovens, King සහ Upper Murray ඇතුළු ප්‍රදේශ රැසට “Stay Informed” මට්ටමේ නිවේදන ක්‍රියාත්මක වන අතර, Yarra River හි Warrandyte ඉහළ ප්‍රදේශයටද අවධානයෙන් සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.
මේ අතර Craigieburnහි Potter Street ප්‍රදේශයේ වාර්තා වූ ගොඩනැගිලි ගින්නක් තවමත් සම්පූර්ණයෙන් පාලනයට ගෙන නොමැති බව VicEmergency දත්තවල සඳහන්.
Warrnambool, Geelong Newtown, Cheltenham සහ Mill Park ප්‍රදේශවල වාර්තා වූ තවත් ගිනි සිදුවීම් මේ වනවිට ආරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා.
Eagle Point ප්‍රදේශයේ වාර්තා වූ bushfire සිද්ධියද “Safe” ලෙස සටහන් කර තිබෙනවා.
හදිසි තත්ත්වයන් වේගයෙන් වෙනස් විය හැකි බැවින්, ගමන් කිරීමට පෙර තම ප්‍රදේශයට අදාළ නවතම අනතුරු ඇඟවීම් සහ මාර්ග තත්ත්වය පරීක්ෂා කරන ලෙස ජනතාවට උපදෙස් දෙනවා.
විශේෂයෙන් ගංගා ආශ්‍රිත, පහත් බිම් සහ ගංවතුරට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව නිල උපදෙස් අනුගමනය කර අවධානයෙන් සිටීම වැදගත්.