Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ගෙන් සිදුවන හානි ගැන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප සහ වීඩියෝවල තමන්ටත් එවැනි ඡායාරූප ලබාගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් ඇතැම් සංචාරකයන් නියමිත ඇවිදින මාර්ගවලින් ඉවත්ව cliffs මතට යන බවයි වාර්තා වෙන්නේ.
Parks Victoria පවසන්නේ සංචාරකයන්ට Pink Cliffs ප්‍රදේශය නැරඹීමට අවසර තිබුණත්, එහි ඇති සුවිශේෂී භූ විද්‍යාත්මක ආකෘති ආරක්ෂා කිරීම සඳහා නියමිත මාර්ගවල රැඳී සිටින ලෙසත් ආරක්ෂිත වැටවල් සහ අනතුරු ඇඟවීම් නොසලකා නොහරින ලෙසත්ය.
මෙම Pink Cliffs ප්‍රදේශය 1800 ගණන්වල gold mining කටයුතු හේතුවෙන් නිර්මාණය වූ අතර, පතල්කරුවන් අධික පීඩනයකින් ජලය යොදාගෙන පස් සහ පාෂාණ ඉවත් කිරීමේදී අද දැකිය හැකි සුවිශේෂී භූමි ආකෘති නිර්මාණය වී තිබෙනවා.
බලධාරීන් පවසන්නේ මෙම පාෂාණ සහ භූමි ආකෘති ස්වභාවිකවම ඉතා සංවේදී බැවින් ඒ මත ඇවිදීම හෝ නැගීම මඟින් ඛාදනය වේගවත් කළ හැකි බවයි.
සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යවල එකම ස්ථානයේ ලබාගත් ආකර්ෂණීය ඡායාරූප නැවත නැවත දැකීමෙන්, අනෙක් අයත් එම ස්ථානයට ගොස් ඒ ආකාරයෙන්ම ඡායාරූප ගැනීමට පෙළඹිය හැකි බවයි.
එම නිසා Pink Cliffs ප්‍රදේශයේ ස්වභාවික හා ඓතිහාසික වටිනාකම අනාගත පරම්පරාවලටත් ආරක්ෂා කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය සඳහා ඡායාරූප ගැනීමේදී නියමිත මාර්ග සහ ආරක්ෂිත සීමා අනුගමනය කරන ලෙස බලධාරීන් සංචාරකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
#Heathcote #PinkCliffs #VictoriaTourism #TourismAustralia #TikTok #Instagram #SocialMedia #ParksVictoria








