Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා.

65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක් අන්තර්ජාලය හරහා බෙදාහැර ඇති බවට චෝදනා ලැබ සිටින අතර, ඔහු මේ වනවිට ඇප ඉල්ලා තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔහු 2018 දෙසැම්බර් සිට 2020 අප්‍රේල් දක්වා Islamic State සංවිධානයට අයත් සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, WhatsApp සමූහයක සක්‍රීය සාමාජිකයෙකු වී සිටි බවයි.

Advertisement

එම සමූහය තුළ ප්‍රචාරක ද්‍රව්‍ය, මරණ දඬුවම් දර්ශන සහ ත්‍රස්ත සංවිධානය ප්‍රශංසා කරන අන්තර්ගතයන් ඇතුළු ගොනු 10,000කට ආසන්න ප්‍රමාණයක් ඔහු බෙදාහැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ එම WhatsApp සමූහය 2014දී Queenslandහි Dr Omar Elamin විසින් ආරම්භ කර ඇති අතර එහි සාමාජිකයන්ගෙන් බහුතරයක් Queensland ප්‍රදේශයේ අය බවයි.

Banner 01

Elamin 2016 වසරේදී Libya වෙත ගොස් Islamic State සමඟ එක්වූ බවට ද පොලීසිය විශ්වාස කරන නමුත්, ඔහුට මේ වනතෙක් චෝදනා ගොනු කර නොමැති බව ද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් Bakit සියලු ISIS සාමාජිකත්ව චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු 2023 වසරේ ඇති වූ අංශභාග රෝගී තත්ත්වයක් ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔහුට ඇප ලබාදීම පිළිබඳ තීරණය ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...

ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල...

වික්ටෝරියාවේ කුරුළු උණ පැතිරීම හේතුවෙන් බිත්තර සහ කුකුළු නිෂ්පාදනයට අදාළ නව සත්ත්ව සුබසාධන නීති ක්‍රියාත්මක කිරීම මාස 12කින් කල් දැමීමට...

තම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන දුසිම් ගණනක වෙබ් අඩවිවල ආරක්ෂක සීමා මඟහැර ක්‍රියා කර...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The...

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක තනිව පාගමනක නිරත වූ මෙල්බන්හි තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. Jordan Yap නැමති මෙම තරුණයා සැප්තැම්බර් 14...

Toowoombaහි පැවති Thunder on the Downs මෝටර් රථ තරඟයේදී Sydney ක්‍රීඩක Michael Sallerගේ මෝටර් රථය අනතුරකට ලක්ව ගිනිගෙන තිබෙනවා. තරඟයේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් අධිකරණයෙන් ISIS ජාලයක තොරතුරු හෙළිවෙයි

මෙල්බන් අධිකරණයෙන් ISIS ජාලයක තොරතුරු හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම් පුද්ගලයා අන්තවාදී ද්‍රව්‍ය දහස් ගණනක්

Read More »

අධික බදු බර නිසා ශ්‍රී ලංකාව හැර යන Specialist Doctorsලා වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය පවසන්නේ 2021/2022 සිට විශේෂඥ වෛද්‍යවරුන්

Read More »

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්  

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »

මෙල්බන් ඇතුළු වික්ටෝරියාවට දින කිහිපයකින් මාසයක වැසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍යවරිය TIME100 Next 2026 ලැයිස්තුවට

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

Read More »

ඔස්ට්‍රේලියාවේ Studentලා අනතුරේ – අද සිට නීනි දැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom