Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නව ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය වන AusAlert අද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී ජනතාවගේ ජංගම දුරකථන වෙත සෘජුවම අනතුරු ඇඟවීම් යැවීමට මෙය භාවිතා කරනවා.

මෙම පද්ධතිය හරහා bushfire, ගංවතුර, දැඩි කුණාටු සහ වෙනත් බරපතළ හදිසි තත්ත්වයන් ඇති ප්‍රදේශවල සිටින අනුකූල ජංගම දුරකථන, ටැබ්ලට් සහ smart watch වෙත අනතුරු ඇඟවීම් යැවීමට හැකියාව තිබෙනවා.

AusAlert සඳහා වෙනම ලියාපදිංචි වීමක් හෝ application එකක් download කිරීමක් අවශ්‍ය නොවන අතර, අදාළ ප්‍රදේශයක සිටින අනුකූල උපාංග වෙත ජංගම දුරකථන ජාලය හරහා අනතුරු ඇඟවීම ස්වයංක්‍රීයව ලැබෙනවා.

Advertisement

විශේෂයෙන්ම ඉහළම අවදානම් මට්ටමක් ලෙස සැලකෙන Critical Alert එකක් ලැබුණු විට දුරකථනය silent හෝ Do Not Disturb තත්ත්වයේ තිබුණත් ශබ්දයක් සහ කම්පනයක් සමඟ අනතුරු ඇඟවීම පෙන්වන අතර, එය දුරකථනයේ settings හරහා අක්‍රිය කළ නොහැකියි.

ඒ වෙනුවට Priority Alert ලෙස හඳුන්වන අඩු මට්ටමේ අනතුරු ඇඟවීම් සඳහා දුරකථනයේ settings හරහා ශබ්දය හෝ notification එක වෙනස් කිරීමට අවස්ථාව තිබෙනවා.

Banner 01

ජාතික AusAlert පරීක්ෂණය පසුගිය ජූලි මාසයේදී සිදුකර තිබූ අතර, එහිදී අනුකූල උපාංග වෙත Critical Alert එකක් යවා පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර තිබුණා.

නව පද්ධතියේ අරමුණ හදිසි අවස්ථාවකදී අනතුර ඇති ස්ථානය, අවදානමේ ස්වභාවය සහ ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබාදීම වන අතර, ජනතාවට නිල හදිසි තොරතුරු සහ බලධාරීන්ගේ උපදෙස්ද අඛණ්ඩව අනුගමනය කරන ලෙස දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...

මෙල්බන් නගරයේ අයහපත් කාලගුණය හේතුවෙන් අද, සැප්තැම්බර් 26 වැනිදා, මෙල්බන් බලා පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ඇති අතර අවලංගු...

ඔස්ට්‍රේලියාවේ Support at Home වැඩසටහන යටතේ අනුමත පුද්ගලික සත්කාර සේවා සඳහා සහභාගිවන්නන්ගෙන් අය කරන ගාස්තු ඔක්තෝබර් 1 සිට ඉවත් කෙරෙනවා....

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමට නියමිත අතර, ඒ සමඟ බැංකු කිහිපයක් ක්‍රෙඩිට්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගෘහස්ථ දේපළ වටිනාකම ඩොලර් බිලියන 130කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. Primara Research ආයතනය...

වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නව AusAlert පද්ධතිය අද සිට

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්  

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Read More »

මෙල්බන් ඇතුළු වික්ටෝරියාවට දින කිහිපයකින් මාසයක වැසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍යවරිය TIME100 Next 2026 ලැයිස්තුවට

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

Read More »

ඔස්ට්‍රේලියාවේ Studentලා අනතුරේ – අද සිට නීනි දැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

Read More »

රජයේ වියදම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති ගැන NSW අගමැතිගෙන් විවේචන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

Read More »

පිළිකා රෝගී සහකරුට ලබාදුන් ස්වේච්ඡාවෙන් මියයාමේ ඖෂධවලින් වික්ටෝරියානුවෙකු මියයයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom