

First Home Buyersලාට අගමැති ඇල්බනීසිගෙන් විශේෂ දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක් ආදායම් බදු ගෙවා නොමැති බව හෙළි වී තිබෙනවා.
එම වසරේ බදු ගෙවූ විශාල සමාගම් සංඛ්‍යාව 3,150ක් වන අතර, එය සමස්ත සමාගම් සංඛ්‍යාවෙන් සියයට 73ක් බව ATO දත්ත පෙන්වා දෙනවා.
බදු නොගෙවූ සමාගම් අතරින් ඇතැම් සමාගම් ගිණුම්ගත පාඩු වාර්තා කර තිබීමත්, තවත් සමාගම් බදු සහන සහ වෙනත් නීත්‍යානුකූල අඩු කිරීම් භාවිත කර තිබීමත් හේතුවෙන් ඔවුන්ගේ බදු ගෙවිය යුතු මුදල බිංදුව දක්වා අඩු වී ඇති බව ATO පවසනවා.

ඒ අනුව සමාගමක් කිසිදු ආදායම් බද්දක් නොගෙවීමෙන් පමණක් එම සමාගම නීතිය උල්ලංඝනය කර ඇති බව අදහස් නොවන බවත්, ඇතැම් අවස්ථාවල එය නීත්‍යානුකූල බදු ක්‍රමවේදයන් යටතේ සිදුවිය හැකි බවත් ATO අවධාරණය කර තිබෙනවා.
මේ අතර 2024–25 වසරේ විශාල සමාගම්වලින් ලබාගත යුතු සමස්ත ආදායම් බදු ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 8.2කින් හෙවත් සියයට 8.6කින් අඩුවී ඩොලර් බිලියන 87.5ක් වී තිබෙනවා.
ATO පවසන්නේ විදේශීය මූල්‍ය පහසුකම් සහ විදේශීය අලෙවි මධ්‍යස්ථාන භාවිත කරන සමාගම් ඇතුළු ව්‍යාපාරවල බදු කටයුතු තවදුරටත් පරීක්ෂා කරන අතර, වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි සහ දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම වාර්තාවේ ආවරණය වන විශාල සමාගම් අතර බදු නොගෙවූ ප්‍රතිශතය 2013–14 වසරේ සියයට 36ක් වූ අතර, 2024–25දී එය සියයට 27ක් දක්වා පහළ ගොස් ඇති බවත් ATO පෙන්වා දෙනවා.
#ATO #CompanyTax #TaxNews #AustralianTaxation #BigBusiness #BusinessNews #TaxAustralia
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ඔස්ට්‍රේලියාවේ සමාජ නිවාසයක් නැත්නම් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක් ලබාගැනීම සඳහා ගෘහ ඒකක 190,000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව අද ප්‍රකාශයට...
ඔස්ට්‍රේලියාවේ CSIRO සහ Adelaide University පර්යේෂකයන් විසින් මී මැස්සන්ගේ silk ප්‍රෝටීන යොදාගෙන තුවාල සුව කිරීමට භාවිත කළ හැකි නව ද්‍රව්‍යයක්...
නිවාස වියදම අඩු කරගැනීමට නගරයෙන් පිටත පදිංචි වූ පවුල්වලට, ඉහළ යන ඉන්ධන මිල දැන් අලුත් බරක් වී ඇති බව අද...
ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවාස සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට නව නීති පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. නව...
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය...
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී ගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීසි

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100 Next) අතරට නම් කර තිබෙනවා. ඒ

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ සිට නැවත ශිෂ්‍ය වීසා ලබාගෙන

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටිනවා. ෆෙඩරල් කම්කරු පක්ෂය

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි නසා ගැනීම සඳහා භාවිත කර