New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Newcastle Knights කණ්ඩායමට Grand Final තරගයට පෙර සුභ පැතීමට සහ කණ්ඩායම පිටත් කර හැරීම සඳහා රැස්ව සිටි ආධාරකරුවන් පිරිසක් අතරට මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හදිසි සේවා අංශ Newcastle හි Wallsend ප්‍රදේශයේ Newcastle Link Road වෙත අද උදෑසන 9.30ට පමණ කැඳවා තිබෙනවා.
NSW Ambulance විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව තහවුරු කර ඇති අතර, තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදීම සඳහා විශාල හදිසි ප්‍රතිචාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
සිද්ධියට ප්‍රතිචාර වශයෙන් ඇම්බියුලන්ස් රථ 10ක් සහ වෛද්‍ය හෙලිකොප්ටර් 3ක් එම ප්‍රදේශයට යොදවා ඇති අතර, පොලිස් නිලධාරීන් සහ paramedics කණ්ඩායම්ද අනතුර සිදුවූ ස්ථානයේ කටයුතු කරමින් සිටිනවා.
කෙසේවෙතත් මෝටර් රථය පිරිස අතරට ගැටීමට හේතුව කුමක්ද, රියදුරුගේ තත්ත්වය කුමක්ද, හෝ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන තිබේද යන්න පිළිබඳව මේ අවස්ථාව වනවිට නිල වශයෙන් තහවුරු කර නැහැ.
තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව සහ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරද තවම ප්‍රකාශයට පත් කර නොමැති අතර, හදිසි සේවා අංශ තවදුරටත් එම ස්ථානයේ කටයුතු කරමින් සිටිනවා.
(Newcastle Herald/Andrew Clysdale,abcNews)