Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Adelaide උතුරු ප්‍රදේශයේ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක ඩිමෙන්ෂියා ඇතුළු සංකීර්ණ රෝග තත්ත්වයන් සහිත පදිංචිකාරියකට අසාධාරණ ලෙස බලය භාවිත කළ හෙදියකට වසර දෙකක වෘත්තීය තහනමක් පනවා තිබෙනවා.

47 හැවිරිදි ලියාපදිංචි හෙදිය Su Jin Han විසින් 2023 නොවැම්බර් 12 වනදා එම පදිංචිකාරියගේ අත් දෙක බලයෙන් අල්ලාගෙන, ඇයව පිටුපසට තල්ලු කර මේසයකට ගැටෙන්නට සැලැස්වූ බවයි CCTV දර්ශනවල සටහන්ව තිබුණේ.

තවත් අවස්ථාවක ඇය එම කාන්තාවගේ අත් තදින් අල්ලාගෙන පහළට ඇදගෙන ගිය බව සවුත් ඕස්ට්‍රේලියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාව සඳහන් කළා.

Advertisement

එමෙන්ම wipes සහ plastic lid එකක් භාවිත කරමින් පදිංචිකාරියට පහර දීමට උත්සාහ කළ බවත් තීන්දුවේ සඳහන් වෙනවා.

විනිශ්චය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ එම බලය භාවිත කිරීමට කිසිදු සායනික අවශ්‍යතාවක් නොතිබූ අතර, එය සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ අනවශ්‍ය ක්‍රියාවක් වූ බවයි.

Banner 01

හෙදිය තමන් එවකට රැකියා දෙකක් කරමින් සති දෙකකට එක් දිනක් පමණක් නිවාඩු ගත් බවත්, අධික වෙහෙස තම හැසිරීමට බලපා ඇති බවත් විනිශ්ය සභාවට පවසා තිබෙනවා.

අවසානයේ ඇයගේ හෙද ලියාපදිංචිය අවලංගු කර, වසර දෙකක් යනතුරු නැවත ලියාපදිංචි වීමට නොහැකි වන ලෙසත්, නැවත ලියාපදිංචිය ලැබෙනතුරු කිසිදු සෞඛ්‍ය සේවාවක් ලබාදීම තහනම් කරමින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක්...

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන අද පැවති සාකච්ඡාවකදී Assistant Minister Julian Hill, සංක්‍රමණිකයන් දේශපාලන අරමුණු සඳහා ඉලක්ක කරගැනීම පිළිබඳව දැඩි විවේචනයක්...

වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...

VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon,...

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන...

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඩිමෙන්ෂියා රෝගියෙකුට හිංසා කළ හෙදියට දුන් දඬුවම

ඩිමෙන්ෂියා රෝගියෙකුට හිංසා කළ හෙදියට දුන් දඬුවම

Adelaide උතුරු ප්‍රදේශයේ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක ඩිමෙන්ෂියා ඇතුළු සංකීර්ණ රෝග තත්ත්වයන් සහිත පදිංචිකාරියකට අසාධාරණ ලෙස බලය භාවිත කළ හෙදියකට වසර දෙකක වෘත්තීය තහනමක් පනවා තිබෙනවා.

Read More »

ආර්ථික අවපාතයක් ගැන බියක් යළි ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත් ආර්ථික පසුබෑම තම මූලික

Read More »

ඔස්ට්‍රේලියාවේ LinkedIn රැකියා සොයන අයට අනතුරු ඇඟවීමක්

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන් රැකියාවක් සොයන බව LinkedIn ගිණුම

Read More »

අධ්‍යාපන සම්මාන උළෙලකදී වික්ටෝරියා ලාංකික දෙදෙනෙකුත් ඇගයීමට

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලාංකික පසුබිමක්

Read More »

මෙල්බන්හි පැය 24ක් ඇතුළත දෙවන ගිනි තැබීම — තරුණයෙක් තවමත් ජීවිතය සඳහා සටනක

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor හි Petrik Drive ප්‍රදේශයේ නිවසක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom