නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක් ඇති කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් හත්දෙනෙකු වෙනුවෙන් Association of Salaried Medical Specialists විසින් 2026 අප්‍රේල් මාසයේ Health New Zealand වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පැමිණිලිකරුවන් පවසන්නේ ඇතැම් අවස්ථාවල එම වෛද්‍යවරියන්ගේ හැසිරීම තර්ජනාත්මක, බියගන්වන සහ හිරිහැරකාරී වූ බවත්, ඒ හේතුවෙන් තමන් විවෘතව අදහස් දැක්වීමට බිය වූ බවයි.
මෙම ශ්‍රී ලංකික වෛද්‍යවරියන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, Health New Zealand විසින් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වාගෙන යනවා.
විමර්ශනය අතරතුර එක් වෛද්‍යවරියකට ඇතැම් රැස්වීම්වලට සහභාගී වීම සීමා කර තිබූ අතර, අනෙක් වෛද්‍යවරිය වැටුප් සහිත තාවකාලික නිවාඩුවකට යොමු කර තිබුණා.
විමර්ශනය අත්හිටුවන ලෙස දෙදෙනා Employment Relations Authority වෙත ඉල්ලීම් කළත්, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර විමර්ශනය ඉදිරියට ගෙන යාමට අවසර ලබාදී තිබෙනවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් තවම අවසන් තීන්දුවක් ලබාදී නොමැති අතර, ප්‍රධාන නඩු විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි.