Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා.

Liberal–National Coalition පවසන්නේ තමන් බලයට පත්වුවහොත් elective surgery සඳහා බලා සිටින රෝගීන්ගේ ලැයිස්තුව අඩකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි.

ජූනි මාසය වන විට වික්ටෝරියාවේ urgent සහ non-urgent සැත්කම් සඳහා රෝගීන් 68,730ක් පමණ බලා සිටි බවයි වාර්තා වුණේ.

Advertisement

විපක්ෂ නායිකා Jess Wilson පවසන්නේ රජයේ රෝහල්වල බලා සිටින රෝගීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව පෞද්ගලික රෝහල්වල සැත්කම් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන වැඩසටහනක් ආරම්භ කරන බවයි.

මෙම වැඩසටහන යටතේ වසරකට අමතර සැත්කම් 25,000ක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 1.27ක්.

Banner 01

එම මුදල් ලබාගැනීම සඳහා Breakthrough Victoria ආයෝජන අරමුදල අවසන් කිරීමට Coalition යෝජනා කර තිබෙනවා.

මේ අතර Labor රජයද මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත් 2023දී හඳුන්වාදුන් land tax වෙනස්කම් ක්‍රමයෙන් ආපසු හැරවීමට පොරොන්දු වී තිබෙනවා.

2023 වෙනස්කම් යටතේ land tax ගෙවීම ආරම්භ වන ඉඩම් වටිනාකම් සීමාව ඩොලර් 300,000 සිට ඩොලර් 50,000 දක්වා අඩු කළ අතර, එමගින් තවත් වික්ටෝරියානුවන් 250,000කට පමණ බද්ද අදාළ වී තිබුණා.

Labor යෝජනාව අනුව එම සීමාව වසරකට ඩොලර් 25,000 බැගින් ක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වෙනස්කම් සඳහා වසර 5කදී ඩොලර් මිලියන 230ක් වැය වනු ඇතැයි රජය පවසන අතර, රජයේ වාහන සංඛ්‍යාව අඩු කිරීම සහ ඇතැම් level crossing removal ව්‍යාපෘති ප්‍රමාද කිරීම හරහා එය ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. Final Budget Outcome අනුව...

Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...

Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 10,000ක් දක්වා අද පස්වරුවේ පැය 4ක වැඩවර්ජනයකට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා. වැටුප්...

සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns...

ඔස්ට්‍රේලියාවේ නව ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය වන AusAlert අද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී ජනතාවගේ ජංගම දුරකථන...

කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ සෞඛ්‍ය හා Land Tax ගැන අලුත් පොරොන්දු

වික්ටෝරියාවේ සෞඛ්‍ය හා Land Tax ගැන අලුත් පොරොන්දු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Read More »

Flydubai යානය බිම හෙළීමට උත්සාහ කළ සහායක නියමුවා ඔස්ට්‍රේලියාවේත් ඉගෙනගෙන ?

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතා නිසා ඔස්ට්‍රේලියානු පවුලක් ගුවන් යානයෙන් ඉවත් කරයි

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Read More »

ඔස්ට්‍රේලියානු අහසේ දුර්ලභ දසුනක් – අද රෑ අහස බලන්න

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය, සූර්යයා සහ සෙනසුරු ග්‍රහයා අතරට

Read More »

දරුවාගේ හෘද රෝගය අතේ තබාගෙන බලන්න පුළුවන් ලොව පළමු නිවැරදි 3D හෘද ආකෘති මෙල්බන්වලින්

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද ආකෘති කට්ටලයක් නිර්මාණය කර තිබෙනවා.

Read More »

El Nino නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට $ බිලියන 13ක පාඩුවක්?

ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති විය හැකි බව Commonwealth Bank

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom