

NSW දකුණු වෙරළට Tornado එකක්
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ

New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා.
අද පස්වරුවේ එම ප්‍රදේශයට දැඩි සුළං, විශාල හිම කැට සහ තද වැසි පිළිබඳ දැඩි ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.
කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් Ulladulla ප්‍රදේශය හරහා සැබෑ ටොනේඩෝවක් ගමන් කළ බව තහවුරු කර ඇති අතර, එය “ඉතා අසාමාන්‍ය” කාලගුණ සිදුවීමක් ලෙස විස්තර කර තිබෙනවා.

ප්‍රදේශයෙන් ලැබුණු දර්ශනවල වායු කුණාටුව නේවාසික ප්‍රදේශයක් හරහා ගමන් කරන ආකාරයත්, දැඩි සුළඟින් පිටත තිබූ මේස, පුටු සහ කුඩ වැනි දෑ ඉවතට ගසාගෙන යන ආකාරයත් දැකගත හැකි වුණා.
NSW State Emergency Service පවසන්නේ ප්‍රාන්තය පුරා ආධාර ඉල්ලීම් 90කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඒ අතරින් 29ක් Ulladulla ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.
ගස් සහ විදුලි රැහැන් කඩා වැටීම වැනි සිදුවීම් රැසකට හදිසි සේවා කණ්ඩායම් ප්‍රතිචාර දක්වමින් සිටිනවා.
මේ අතර ප්‍රදේශයේ නිවාස රැසකට විදුලි සැපයුම ද බිඳවැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා....
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...
ඉරානය ඉදිරිපත් කළ දින 7ක සටන් විරාම යෝජනාව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම යෝජනාව...
One Nation නායිකා Senator Pauline Hanson අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ෆෙඩරල් රජය තවත් දැඩි ක්‍රියාමාර්ග...
මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් තම මව්රටවල පවුල් වෙත යවන මුදල් පිළිබඳව සංක්‍රමණ විවාදය තුළ අලුත් අවධානයක් යොමුව තිබෙනවා. SBS උපුටා දක්වන මුදල්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ

ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong Police පවසන්නේ, Yau Ma Tei

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary