Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින විදේශීය සිසුන් අතර දැඩි අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළවන අදහස් අතර “මගේ ඊළඟ course එකට visa එක ලැබෙයිද?”, “partner එක හෝ දරුවන් එක්ක තවදුරටත් ඉන්න පුළුවන්ද?”, “දැනට තියෙන visa එක ඉවර වුණාම මට රටෙන් යන්න වෙනවද?” සහ “අවුරුදු ගණනක් මෙහෙ ඉගෙනගෙන වැඩ කරලා අන්තිමට හිස් අතින්ම ගෙදර යන්න වෙයිද?” වැනි බිය සහ කණගාටුව දැඩිව පෙනෙනවා.

නමුත් මුලින්ම පැහැදිලි කළ යුතු වැදගත්ම කරුණක් තියෙනවා. නව නීති නිසා දැනට වලංගු Student visa එකක් තියෙන හැම කෙනෙකුටම වහාම ඔස්ට්‍රේලියාව හැර යන්න වෙනවා කියන එක සත්‍යයක් නොවෙයි.

Advertisement

නව නීති ප්‍රධාන වශයෙන් බලපාන්නේ තවත් Student visa එකක් අයදුම් කරන විට, ඔස්ට්‍රේලියාව තුළ සිට ඒ අයදුම්පත දාන්න පුළුවන්ද, family members ඇතුළත් කරන්න පුළුවන්ද, සහ course progression එක නීතිවලට ගැලපෙනවද යන කරුණු වලටයි.

Home Affairs අනුව, ඔක්තෝබර් 2 සිට බොහෝ Student visa අයදුම්කරුවන්ට අයදුම්පත ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට දාන්න සිදුවනවා.

Banner 01

දැනට ඔස්ට්‍රේලියාව‍ තුළ සිටින Student visa holders කෙනෙකුට තවත් Student visa එකක් onshore අයදුම් කිරීමට නම්, විශේෂ exemption category එකකට වැටීම සහ course progression සම්බන්ධ කොන්දේසි සපුරාලීම අවශ්‍ය වෙනවා.

එහෙනම් දැන් ඉන්න සිසුන් කරන්න ඕන මොනවද?

පළමුව, social media post එකක් හෝ මිතුරෙකුගේ අත්දැකීමක් මත තීරණ ගන්න එපා.

තමන්ගේ current visa expiry date, visa conditions, current course AQF level, next course level, CoE, completed qualifications සහ future visa options එකින් එක සටහන් කරගෙන බලන්න.

දෙවැනි කරුණ, “තවත් course එකක් දාලා visa එක දිගු කරගන්න” කියන පරණ automatic strategy එක මත තවදුරටත් විශ්වාසය තබන්න බැහැ.

තවත් Student visa එකක් අවශ්‍ය නම්, නව course එක genuine progression එකක්ද සහ onshore application exemption එකකට තමන් ගැලපෙනවද කියලා කලින්ම තහවුරු කරගන්න ඕන.

තුන්වැනි කරුණ, Student visa එකම එකම මාර්ගය කියලා හිතන්න එපා.

සුදුසුකම් අනුව Temporary Graduate visa 485, employer-sponsored Skills in Demand visa 482, Employer Nomination Scheme 186, Skilled Independent 189, Skilled Nominated 190 සහ Skilled Work Regional 491 වැනි වෙනත් මාර්ග තිබෙනවා.

ඒවා හැමෝටම automatically available නොවන අතර occupation, qualifications, work experience, English, skills assessment, age, sponsorship සහ points වැනි වෙන වෙනම කොන්දේසි පවතිනවා.

උදාහරණයක් ලෙස, 189, 190 සහ 491 වැනි points-tested skilled visas සඳහා සාමාන්‍යයෙන් SkillSelect හරහා EOI එකක් ඉදිරිපත් කළ යුතු අතර, eligible occupation එකක් සහ අවශ්‍ය skills assessment එක තිබිය යුතුයි.

485 Temporary Graduate visa එකත්, Australian study requirement සපුරාලන අයට තවම වැදගත් transition pathway එකක්.

Home Affairs අනුව, ඒ සඳහා eligible qualification එකක් Australia තුළ අවම වශයෙන් academic years දෙකකට සමාන අධ්‍යයනයකින් සම්පූර්ණ කර තිබීම ඇතුළු වෙනත් කොන්දේසි සපුරාලන්න වෙනවා.

“මෙච්චර කල් ඉඳලා හිස් අතින්ම ආපහු යන්න වෙයිද?”

සමහර අයට අවසානයේ ඔස්ට්‍රේලියාව හැර යාමට සිදුවිය හැකියි.

Student visa කියන්නේ ස්ථිර පදිංචියට guarantee එකක් නොවන නිසා, එය අධ්‍යයනය සඳහා ලබාදෙන තාවකාලික visa එකක්.

Home Affairs ද පැහැදිලි කරන්නේ ඔස්ට්‍රේලියාව තවමත් ජාත්‍යන්තර ශිෂ්‍යයින් පිළිගන්නා නමුත් Student visa එකේ ප්‍රධාන අරමුණ අධ්‍යාපන කටයුතු සඳහා තාවකාලිකව රැඳී සිටීමට ඉඩ ලබාදෙන බවයි.

නමුත් ඒක “හිස් අතින් යනවා” කියන එකට සමාන කරන්නත් බෑ.

ඔස්ට්‍රේලියාව තුළ ලබාගත් qualification, English proficiency, work experience, professional contacts සහ international exposure අනාගත රැකියාවකට හෝ වෙනත් රටක migration pathway එකකටත් වටිනාකමක් තියෙන්න පුළුවන්.

එහෙත් දැන් අවශ්‍යම දේ වන්නේ බියට පත් වෙලා අලුත් course එකකට ඉක්මනින් මුදල් ගෙවීම නොවෙයි.

තමන්ගේ තත්ත්වය අනුව visa plan එක අවම වශයෙන් මාස 6–12කට කලින් සැලසුම් කිරීම, Home Affairs official information පරීක්ෂා කිරීම සහ සංකීර්ණ case එකක් නම් registered migration agent හෝ Australian migration lawyer කෙනෙකුගෙන් පුද්ගලික උපදෙස් ලබාගැනීමයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...

ඔස්ට්‍රේලියාවේ නව ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය වන AusAlert අද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී ජනතාවගේ ජංගම දුරකථන...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...

Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...

Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...

AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Student Visa වෙනස්කම්වලින් පසු බියෙන් ඉන්න අයට— කලබල නොවී දැන්ම කරන්න ඕන දේවල්

Student Visa වෙනස්කම්වලින් පසු බියෙන් ඉන්න අයට— කලබල නොවී දැන්ම කරන්න ඕන දේවල්

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ

Read More »

වික්ටෝරියා මැතිවරණයේ බලය One Nation අතට යයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය

Read More »

20,000කට ආසන්න පිරිසකට දැනුණු වික්ටෝරියා භූකම්පනය — පසුකම්පන ගැන අවධානයෙන් සිටින්න

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව භූකම්පනය අද අලුයම 2ට පසු

Read More »

පිරිසක් අතරට මෝටර් රථයක් කඩාවදී – බරපතල අනතුරක්

New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට Grand Final තරගයට පෙර සුභ

Read More »

පැයකට $32ක්- ඕස්ට්‍රේලියාවේ වාහනයක් නවත්වන්න වැඩිම ගාස්තු ගෙවන්න වෙන නගරය?

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත අනුව Sydney රටේ වාහන නවතා

Read More »

වාසනාවන්ත ඔස්ට්‍රේලියානුවෙකුට ලබන බ්‍රහස්පතින්දා $ මිලියන 60ක්

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම jackpot එක ජයග්‍රහණය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom