

වික්ටෝරියා ප්‍රාන්තයෙන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින AI වංචාකරුවන් හසුවේ
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකි.
2009 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි තරිඳු, වාණිජ ආහාර පිසීම පිළිබඳ අධ්‍යාපනය ලබාගැනීමෙන් පසු ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ උපාධියක්ද සම්පූර්ණ කර තිබෙනවා. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු මෙල්බන්හි කුඩා Pizza සහ Pasta අවන්හලකින් තම වෘත්තීය ගමන ආරම්භ කළ ඔහු, පසුව ප්‍රදේශයේ Pub එකකද සේවය කරමින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ලබාගෙන තිබෙනවා.
වඩා හොඳ වෘත්තීය අවස්ථාවක් සොයාගැනීම සඳහා Chef රැකියා 100කට වැඩි සංඛ්‍යාවකට අයදුම් කළ තරිඳුට අවසානයේ Red Hill ප්‍රදේශයේ Lindenderry ආයතනයේ Chef de Partie ලෙස එක්වීමට අවස්ථාව හිමිවුණා. එතැන් සිට ඔහු තම දැනුම සහ අත්දැකීම් තවදුරටත් වර්ධනය කරගනිමින් ඉහළ තනතුරු කරා ගමන් කර තිබෙනවා.

2015 වසරේදී Metropolitan Golf Club සමඟ Chef de Partie ලෙස එක්වූ තරිඳු, තම කැපවීම සහ දක්ෂතාවය හේතුවෙන් 2017 වසරේදී Sous Chef තනතුර දක්වා උසස් වී තිබෙනවා. එහිදී Ricky Ponting, දිවංගත Shane Warne සහ Brian Lara වැනි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයන් වෙනුවෙන් ආහාර පිළියෙල කිරීමටද ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා.
2018 වසරේ පැවති Golf World Cup තරගාවලිය සඳහා ආහාරපාන සැපයූ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමද තරිඳුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වී තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ එවැනි විශාල තරගාවලියකට සම්බන්ධ වෙමින් ලැබූ අත්දැකීම් ඔහුගේ වෘත්තීය ගමන තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.
මේ වනවිට Cranbourneහි Silks ආයතනයේ Head Chef ලෙස කටයුතු කරන තරිඳු, මුළුතැන්ගෙයි කණ්ඩායම මෙහෙයවමින් නව ආහාර මෙනු නිර්මාණය කිරීම, තරුණ Chefලාට මඟපෙන්වීම සහ පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ ආහාර අත්දැකීමක් ලබාදීම සඳහා කටයුතු කරනවා.
හොඳ Chef කෙනෙකු වීමට රසවත් ආහාර පිළියෙල කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි තරිඳුගේ අදහස. තමන් සමඟ වැඩ කරන කණ්ඩායමට ගරු කිරීම, හොඳ අමුද්‍රව්‍ය තෝරාගැනීම, සෑම කුඩා කරුණක් ගැනම අවධානය යොමු කිරීම සහ කැපවීමෙන් හා විනයකින් කටයුතු කිරීම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය බව ඔහු විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ කුඩා අවන්හලකින් තම වෘත්තීය ගමන ආරම්භ කළ තරිඳු, අද වනවිට ප්‍රධාන Chef කෙනෙකු ලෙස කටයුතු කිරීම දක්වා පැමිණ තිබෙන්නේ වසර ගණනාවක උත්සාහය, අත්දැකීම් සහ කැපවීම තුළින්. තමන් ලබාගත් දැනුම සහ අත්දැකීම් තරුණ පරපුර සමඟ බෙදාගනිමින් ඉදිරියට යාම ඔහුගේ ඉදිරි බලාපොරොත්තුවක් බවද සඳහන්.
ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ අද පොලී අනුපාත තීරණයත් සමඟ නිවාස ණය ගෙවන මිලියන ගණනක පිරිසකට තම මාසික ගෙවීම් ගැන නැවත අවධානය...
ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට තමන්ට පහසු භාෂාවෙන් සෞඛ්‍ය තොරතුරු ලබාදෙන Health in My Language වැඩසටහන තවත් වසර දෙකක් පවත්වාගෙන...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...
Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...
Qantas ගුවන් සමාගම සිඩ්නි සිට නිව්යෝර්ක් දක්වා අතරමැදි නැවතුමක් නොමැති සෘජු ගුවන් සේවය 2028 මැද භාගයේදී ආරම්භ කරන බව නිල...
Eastern Australia හි ශීත කාලීන වගාවන්ගේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු...

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට,

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ