

වික්ටෝරියා වැඩබිම්වල විදුලි අනතුරු ගැන අනතුරු ඇඟවීම්
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා.
2018–19 සිට 2023–24 දක්වා Victoriaහි වැඩ සම්බන්ධ විදුලි අනතුරු හේතුවෙන් Emergency Department වෙත පැමිණීම් 2,516ක් වාර්තා වී ඇති අතර, තවත් 313 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පර්යේෂණයෙන් හෙළිවී තිබෙන්නේ.
එමෙන්ම 2018–19 සිට 2022–23 දක්වා කාලයේ විදුලි අනතුරු සම්බන්ධයෙන් පිළිගත් workers’ compensation claims 285ක් Victoriaහි වාර්තා වී ඇති අතර, ඒ අතරින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවකයන්ගේ claims ප්‍රමාණය සියයට 20කට ආසන්න වී තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ claims සියයට 16.1ක් වූ අතර, විදුලි හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘත්තීය සේවකයන්ගෙන් සියයට 16.5ක් සහ freight handlers සහ shelf fillers වැනි labourersලාගෙන් සියයට 13ක් claims ඉදිරිපත් කර තිබෙනවා.
වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ සේවකයන් අතර විදුලි අනතුරු හේතුවෙන් රෝහල් හදිසි අංශ වෙත පැමිණීමේ අනුපාතය වැඩිම මට්ටමක පැවති අතර, එම හදිසි අංශ පැමිණීම්වලින් සියයට 81.7ක් පිරිමි සේවකයන් බවත් පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විදුලි අවදානම් ගැන පුහුණුව ලබා නොමැති සේවකයන්ටත් වැඩබිම්වලදී විදුලි උපකරණ සමඟ අනපේක්ෂිත ලෙස සම්බන්ධ වීමට සිදුවන බැවින්, තරුණ සහ නවක සේවකයන් සඳහා විශේෂ ආරක්ෂක පුහුණුවක් ලබාදීම අවශ්‍ය බවයි.
මෙම පර්යේෂණය අනුව වැඩබිම්වල විදුලි අනතුරු වැළැක්විය හැකි අවදානමක් බැවින්, සාම්ප්‍රදායිකව ඉහළ අවදානම් සහිත ක්ෂේත්‍ර ලෙස නොසැලකෙන රැකියා ක්ෂේත්‍රවලටත් විදුලි ආරක්ෂාව පිළිබඳ පුහුණුව පුළුල් කළ යුතු බව පර්යේෂකයන් අවධාරණය කරනවා.
#MonashUniversity #Research #WorkplaceSafety #ElectricalSafety #WorkplaceInjuries
වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...
සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...
ඔස්ට්‍රේලියාවේ CSIRO සහ Adelaide University පර්යේෂකයන් විසින් මී මැස්සන්ගේ silk ප්‍රෝටීන යොදාගෙන තුවාල සුව කිරීමට භාවිත කළ හැකි නව ද්‍රව්‍යයක්...
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...
Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක්...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට,

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මැතිවරණය