Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18 හැවිරිදි තරුණයාට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Sydney ප්‍රදේශයේ පදිංචි P-plate රියදුරෙකු වන ඔහු අද Newcastle Bail Court වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකර නොමැති බවත් පසුව අධිකරණය නිල වශයෙන් ඇප ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.

ඔහුට එරෙහිව බරපතළ ලෙස ශාරීරික හානි සිදු කිරීම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ඇතුළු චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.

Advertisement

මෙහි බරපතළම චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වුවහොත් උපරිම වසර 7ක සිර දඬුවමක් නියම විය හැකි බවයි අධිකරණයේදී සඳහන් කර ඇත්තේ.

ඊයේ උදෑසන Newcastle Knights කණ්ඩායමට සුබ පැතීමට දහස් ගණනක් රසිකයන් Newcastle නගරයේ රැස්ව සිටියදී, Wallsendහි Newcastle Link Road අසලදී මෙම මෝටර් රථය ඔවුන් අතරට ධාවනය වී ඇති බව පොලීසිය පවසනවා.

Banner 01

පොලීසිය චෝදනා කරන්නේ අනතුරට පෙරත් සැකකරු විසින් මෝටර් රථය අක්‍රමවත් සහ අනතුරුදායක ලෙස ධාවනය කර ඇති බවයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 5 හැවිරිදි දැරියක් සහ 67 හැවිරිදි පුද්ගලයෙකු මේ වනවිට John Hunter Hospitalහි ප්‍රතිකාර ලබනවා.

තවත් වයස අවුරුදු 5ක සහ 2ක දැරියන් දෙදෙනෙකු, 31 හැවිරිදි කාන්තාවක් සහ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද රෝහල්ගතව සිටින අතර, අනෙක් තුවාලකරුවන් සිව්දෙනා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම නඩුව ඔක්තෝබර් 15 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...

කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය තවත් දැඩි වී ඇති අතර, මැදපෙරදිග යුද්ධය ඊට ප්‍රධාන බලපෑමක් කරන බව භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. ලෝක...

Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය...

ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Newcastle Knights රසිකයන් අතරට මෝටර් රථයක් ධාවනය කළ තරුණයාට ඇප නැහැ

Newcastle Knights රසිකයන් අතරට මෝටර් රථයක් ධාවනය කළ තරුණයාට ඇප නැහැ

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18 හැවිරිදි තරුණයාට ඇප ලබාදීම අධිකරණය

Read More »

ජීවන වියදම් සහන නවතී ද? –  අලුත් Budget එකේ Savings Package එකක්

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. අග්‍රාමාත්‍ය ඇන්තනී

Read More »

වික්ටෝරියාවේ සෞඛ්‍ය හා Land Tax ගැන අලුත් පොරොන්දු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Read More »

Flydubai යානය බිම හෙළීමට උත්සාහ කළ සහායක නියමුවා ඔස්ට්‍රේලියාවේත් ඉගෙනගෙන ?

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතා නිසා ඔස්ට්‍රේලියානු පවුලක් ගුවන් යානයෙන් ඉවත් කරයි

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Read More »

ඔස්ට්‍රේලියානු අහසේ දුර්ලභ දසුනක් – අද රෑ අහස බලන්න

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය, සූර්යයා සහ සෙනසුරු ග්‍රහයා අතරට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom