වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ කළද තවමත් සාර්ථක වී නැහැ.
Geelong නගරයට බටහිරින් පිහිටි Birregurra හි Dr Jared Kilday දැනට එකම GP වෛද්‍යවරයා ලෙස සේවය කරන අතර, වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් අවට ප්‍රදේශවල අලුත් රෝගීන් භාරගැනීම පවා සීමා කිරීමට සිදුව තිබෙනවා.
Casterton නගරයද 2024දී මාස හයක් පමණ ස්ථිර GP වෛද්‍යවරයෙකු නොමැතිව පැවති අතර, මේ වනවිට වෛද්‍යවරු තුන්දෙනෙකු සිටියද එක් අයෙකු විශ්‍රාම ගැනීමට සූදානම් වීමෙන් නැවතත් හිඟයක් ඇතිවීමේ අවදානම පවතිනවා.
මේ අතර Queensland හි ජනගහනය 2,000කට ආසන්න Moura නගරයේ එකම ස්ථිර GP වෛද්‍යවරයා මේ සතියේ පිටවීමට නියමිත අතර, නගරයට වෛද්‍ය තනතුරු දෙකක් සඳහා අරමුදල් තිබුණද ස්ථිර වෛද්‍යවරුන් සොයාගැනීම තවමත් ගැටලුවක් වී තිබෙනවා.
මෙවැනි තත්ත්වයන් නිසා විදේශයන්හි පුහුණුව ලැබූ වෛද්‍යවරු ඔස්ට්‍රේලියාවේ regional සහ remote ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට ඉතා වැදගත් බව යළිත් පැහැදිලි වෙනවා.
ඔස්ට්‍රේලියා රජයද විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ, ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල වෛද්‍ය සැපයුම වැඩි කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය සේවා ලබාගැනීම පහසු කිරීම අරමුණු කරගෙනයි.
ඒ නිසා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති සාකච්ඡා කරන විට, විදේශයෙන් පැමිණෙන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් regional Australia තුළ පුරවන අත්‍යවශ්‍ය සේවා හිඩැසද සැලකිල්ලට ගත යුතු බව මෙම සිදුවීම් පෙන්වා දෙනවා.
අධික වැඩ බර, රෝහල සහ සාමාන්‍ය වෛද්‍ය සේවය දෙකම ආවරණය කිරීමට සිදුවීම සහ ප්‍රදේශීය පහසුකම් සීමිත වීම නිසා මේ වෛද්‍ය හිඟය තවත් උග්‍ර වී තිබෙනවා.
විදේශයෙන් පැමිණෙන වෛද්‍යවරුන් මත බොහෝ regional ප්‍රදේශ රඳා පවතින නිසා, skilled migration දැඩි ලෙස අඩු කළහොත් දැනටමත් පවතින වෛද්‍ය හිඟය තවත් උග්‍ර වී රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම අපහසු විය හැකියි.