Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්වී තිබෙනවා.

මෙම විරෝධතාවයේදී “මාර්ග හදා දෙන්න” යන ඉල්ලීම ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, මාර්ගවල පවතින වලවල් යතුරුපැදි ධාවකයන්ට විශේෂයෙන්ම බරපතළ අනතුරක් ඇති කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය මාසයේ Western Highway මාර්ගයේ Trawalla ආසන්නයේ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මියගිය 71 හැවිරිදි Peter “Tiki” Masonගේ මරණයෙන් පසුව මෙම ගැටලුවට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Advertisement

ඔහුගේ මරණය මාර්ගයේ තිබූ වලක් සමඟ සම්බන්ධ විය හැකි බවට සැක පළවී තිබුණත්, සිද්ධියට නිශ්චිත හේතුව පිළිබඳ පොලිස් විමර්ශන තවමත් සිදුවෙමින් පවතිනවා.

මෑත දිනවල වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු දැඩි වැසි හේතුවෙන් මාර්ගවල නව වලවල් ඇතිවීම සහ පැරණි වලවල් තවත් විශාල වීම ගැනත් රියදුරන් චෝදනා කරනවා.

Banner 01

වික්ටෝරියා විගණකාධිපති වාර්තාවකට අනුව, ප්‍රාන්ත රජය විසින් පාලනය කරන මාර්ගවලින් දුර්වල හෝ ඉතා දුර්වල තත්ත්වයේ පවතින ප්‍රමාණය 2021 සිට 2024 දක්වා වැඩි වී තිබෙනවා.

එළඹෙන නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට පෙර මාර්ග නඩත්තුව ප්‍රධාන ජනතා ගැටලුවක් බවට පත්ව ඇති අතර, ප්‍රධාන පක්ෂ දෙකම මාර්ග අලුත්වැඩියාව සඳහා විශාල මුදල් වෙන් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ..

(ABC News)

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අගෝස්තු මාසයේ 4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ එය 3.5%ක් වුණා. ඒ අනුව සංචිත බැංකුව වැඩි...

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැය හිඟය කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් අඩු වී ඇති බව භාණ්ඩාගාරික Jim Chalmers...

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“මාර්ග හදා දෙන්න” — වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට යතුරුපැදි 3,000කට වැඩි පිරිසක්

ඇමෙරිකා සරසවිවල වසරක් තුළ ස්ත්‍රී දූෂණ වාර්තා 8,227ක් – ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා දත්තත් අවධානයට

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

“මාර්ග හදා දෙන්න” — වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට යතුරුපැදි 3,000කට වැඩි පිරිසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

Read More »

මෙල්බන් Waterfront එක සිඩ්නි Barangaroo වගේ වෙනස් කරන්න යෝජනාවක්

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව

Read More »

Queenslandහි E-bike පදින අයට දැඩි නීති – මාස 3කදී දඩ දහස් ගණනක්

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව

Read More »

Newcastle Knights රසිකයන් අතරට මෝටර් රථයක් ධාවනය කළ තරුණයාට ඇප නැහැ

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18 හැවිරිදි තරුණයාට ඇප ලබාදීම අධිකරණය

Read More »

ජීවන වියදම් සහන නවතී ද? –  අලුත් Budget එකේ Savings Package එකක්

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. අග්‍රාමාත්‍ය ඇන්තනී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom