

අධ්‍යාපන සම්මාන උළෙලකදී වික්ටෝරියා ලාංකික දෙදෙනෙකුත් ඇගයීමට
2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලාංකික පසුබිමක්

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්‍යාඥයන් කිහිපදෙනෙකුද සම්මානයට පාත්‍ර වී තිබීම විශේෂත්වයක්.
RMIT University හි Dr Nitu Syed, නැනෝ ව්‍යුහ සහ අනාගත තාක්ෂණය පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් Outstanding Engineer Award සම්මානය දිනාගෙන තිබෙනවා.

RMIT හි Distinguished Professor Baohua Jia, ආලෝක තාක්ෂණ නවෝත්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය වෙනුවෙන් Leadership Award සම්මානය හිමිකරගෙන තිබෙනවා.
BMD Construction හි Parminder Kaur, Melbourne North East Link ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා කළ දායකත්වය වෙනුවෙන් Infrastructure Impact Award සම්මානය දිනාගෙන තිබෙනවා.
Monash University හි Dr Susmita Saha, ස්නායු හා දුර්ලභ රෝග හඳුනාගැනීම සඳහා AI තාක්ෂණය භාවිත කරන මෙවලම් සංවර්ධනය කිරීම වෙනුවෙන් Technology Trailblazer Award සම්මානය ලබාගෙන තිබෙනවා.
Deakin University හි Dr Muna Al-Hawawreh, AI මත පදනම් වූ සයිබර් ආරක්ෂාව සහ තර්ජන හඳුනාගැනීම පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් Rising Star Award සම්මානය දිනාගෙන තිබෙනවා.
මීට අමතරව Dr Hashini Gunatilake හට PhD Scholar Award, Dr Lakshmi Wijeyewickrema හට Guiding Star in Mentorship Award සහ Dr Ashish Sethi හට Allyship for Equity Award සම්මාන හිමිවී තිබෙනවා.
2026 සම්මාන උළෙලේ ජාතික අවසන් තරගකරුවන් 92 දෙනාගෙන් 40%ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් පැමිණි අය වීමත් විශේෂත්වයක්.
AI, සෞඛ්‍ය, ඉංජිනේරු, යටිතල පහසුකම්, පාරිසරික තිරසාරභාවය සහ STEM අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි කාන්තාවන්ගේ දායකත්වය ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණක්.
2026 Women of Colour in STEM Awards උළෙල ඔක්තෝබර් 5 වනදා Melbourne හිදී පැවැත්වුණා.
විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පර්යේෂකයන් සහ වෘත්තිකයන් STEM ක්ෂේත්‍රයට ලබාදෙන දායකත්වය මෙවැනි ඇගයීම් හරහා තවදුරටත් ඉස්මතු වෙනවා.
ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති...
වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ...
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය...
Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු...
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...
වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි...
වික්ටෝරියා හි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බලපාන නව Auction නීති කිහිපයක් ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට...
වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දසදහසක් පමණ හෙට බ්‍රහස්පතින්දා පැය හතරක වර්ජනයකට එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා....

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලාංකික පසුබිමක්

ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිත වන Macquarie Bank හි DEFT payment platform එක, credit සහ debit card මගින් rent ගෙවීම නවතා තිබෙනවා. මෙම

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor හි Petrik Drive ප්‍රදේශයේ නිවසක

ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. මෙම නව සංක්‍රමණ

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු තම PIN අංකය Uber app

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම