Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා.

වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ පැරණි පිටත්වීමේ මාර්ගය ඊයේ රාත්‍රී 9 සිට වාහන සඳහා වසා දමා ඇති බවයි ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කරන්නේ.

ඒ අනුව Qantas, Virgin Australia සහ ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිත කරන මගීන් රැගෙන යාම සහ බැස්සවීම සඳහා අද සිට නව T123 ප්‍රවාහන මධ්‍යස්ථානය භාවිත කිරීමට සිදුවනවා.

Advertisement

මගීන් බැස්සවීම නව මධ්‍යස්ථානයේ තුන්වන මහලේ සිදුකළ යුතු අතර, මගීන් රැගෙන යාම සඳහා දෙවන මහලේ පිටුපස ප්‍රදේශය භාවිත කළ යුතුයි.

නව ස්ථානයට පැමිණීම සඳහා Tullamarine Freeway මාර්ගයෙන් Exit 19 Naarm Way හරහා ගමන් කළ යුතු අතර, පැරණි Terminal Drive මාර්ගයෙන් නව මගී ප්‍රදේශ වෙත ළඟා වීමට නොහැකි බවයි බලධාරීන් දැනුම් දෙන්නේ.

Banner 01

නව මගී බැස්සවීමේ ප්‍රදේශයේ වාහන 74කට පමණ ඉඩ ලබාදී ඇති අතර, මගීන් රැගෙන යාමේ ප්‍රදේශයේ වාහන 115කට පමණ ඉඩ ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් Terminal 4 භාවිත කරන Jetstar සහ Rex ගුවන් ගමන් සඳහා දැනට පවතින මගීන් රැගෙන යාමේ සහ බැස්සවීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකර නැහැ.

ඒ අනුව අද සිට මෙල්බන් ගුවන් තොටුපළට මගීන් රැගෙන යන හෝ මගීන් බැස්සවීමට යන රියදුරන් නව මාර්ග සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ගමන ආරම්භ කිරීමට පෙර නව මාර්ගය හඳුනාගන්නා ලෙසත් ගුවන් තොටුපළ බලධාරීන් දැනුම් දී තිබෙනවා.

#MelbourneAirport #Melbourne #Victoria #AustraliaNews #AirportUpdate #AirportChange

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...

2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අද සිට වෙනස් වන Melbourne Airport එක

නගරවලට වඩා Regional ප්‍රදේශවල Skin Cancer අවදානම වැඩියි – හේතුව මෙන්න

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම

Read More »

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන මේ සලකුණු නොසලකා හරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේදී Course මාරු කළොත් අලුත් Visa එකක් සහ අලුත් ගාස්තු

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

Read More »

අද සිට වෙනස් වන Melbourne Airport එක

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ

Read More »

වික්ටෝරියාවේ පාසල් අවට නීති කැඩුවොත් වැඩ වරදියි

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුත් ජාතික උද්‍යාන 3ක් අද විවෘත වෙයි

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom