

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුත් ජාතික උද්‍යාන 3ක් අද විවෘත වෙයි
වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර ප්‍රදේශ, ජල මාර්ග, වනජීවී වාසස්ථාන සහ සංස්කෘතික වටිනාකම් තවදුරටත් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නව ජාතික උද්‍යාන තුනට අමතරව නව සංරක්ෂණ උද්‍යාන තුනක් සහ නව හා පුළුල් කළ ප්‍රාදේශීය උද්‍යාන කිහිපයක්ද Parks Victoria යටතේ කළමනාකරණයට එක්කර තිබෙනවා.

Wombat-Lerderderg ජාතික උද්‍යානය හෙක්ටයාර් 44,000කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර Daylesford සහ Bacchus Marsh අතර විශාල වනාන්තර හා ස්වභාවික ප්‍රදේශයක් ආවරණය කරනවා.
මෙම ප්‍රදේශ තුළ ජීවත්වන වඳවීමේ අවදානමට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ සඳහා වඩාත් ආරක්ෂිත වාසස්ථාන ලබාදීමද නව උද්‍යාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණක්.
ඒ සමඟම ජනතාවට ඇවිදීම, කඳවුරු බැඳීම, පාපැදි පැදීම, මසුන් ඇල්ලීම සහ ස්වභාවික පරිසරය නැරඹීම වැනි බොහෝ ක්‍රියාකාරකම් සඳහා මෙම ප්‍රදේශ භාවිත කිරීමට අවස්ථාව තවදුරටත් පවතිනවා.
මෙම නව උද්‍යාන පිහිටුවීමත් සමඟ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම මෙන්ම ස්වභාවික සංචාරක කර්මාන්තය සහ ප්‍රාදේශීය ආර්ථිකය සඳහාද අවස්ථා වැඩිවන බව Parks Victoria පවසනවා.
වික්ටෝරියාවේ ස්වභාවික පරිසරය සහ වනජීවීන් ආරක්ෂා කරමින් ඉදිරි පරම්පරාවන්ට මෙම ප්‍රදේශ භුක්ති විඳීමට අවස්ථාව ලබාදීම මෙම නව ජාතික උද්‍යාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...
ඔක්තෝබර් 1 සිට ඔස්ට්‍රේලියාවේ eftpos, Visa සහ Mastercard card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර surcharge ගාස්තු අය කිරීම නවත්වන නව නීති...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි....
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...
මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර තිබෙනවා. 1913 ඔක්තෝබර් 5 වැනිදා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි. 2026 Nobel සාම ත්‍යාගය සඳහා

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා භාවිතා කළ හැකි බව වික්ටෝරියා

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක් ලැබී තිබෙනවා. Maffra, Heyfield සහ

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා තිබෙනවා. මේ අනුවඅධ්‍යාපන ආයතනවලට මෙම