Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි බවට ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් අනතුරු අඟවා තිබෙනවා.

2025 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ New Vehicle Efficiency Standard හෙවත් NVES නීති යටතේ, ඔස්ට්‍රේලියාවට අලෙවි කරන නව වාහනවලින් නිකුත් වන කාබන් විමෝචනය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම නීති අනුව නිෂ්පාදක සමාගමක සමස්ත නව වාහන අලෙවියේ විමෝචන ඉලක්ක සපුරාගැනීමට නොහැකි වුවහොත්, එම සමාගම්වලට මූල්‍ය දඬුවම් පැනවිය හැකියි.

Advertisement

Toyota, Nissan සහ Mitsubishi ඇතුළු සමාගම් පෙන්වා දෙන්නේ එම අමතර වියදම්වලින් කොටසක් පාරිභෝගිකයන්ට දැරීමට සිදුවිය හැකි බවයි.

විශේෂයෙන් Toyota HiLux, LandCruiser Prado සහ LandCruiser 300 Series වැනි ඩීසල් වාහනවල මිලට මෙම තත්ත්වය බලපෑ හැකි බව සඳහන්.

Banner 01

වාර්තා අනුව Toyota HiLux SR5 ඩීසල් රථයක් සඳහා 2026 වසරේදී ඩොලර් 500කට ආසන්න විමෝචන දඬුවම් වටිනාකමක් ගණනය කර ඇති අතර, 2027 වසරේදී එය ඩොලර් 2,000කට ආසන්න විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

කෙසේ වෙතත් එම මුදල සෘජුවම වාහනයේ මිලට එකතු වන බව මින් අදහස් වන්නේ නැහැ.

Toyota Australia සමාගමේ විධායක John Pappas පවසන්නේ 2027 සිට වාණිජ වාහන සඳහා පැනවෙන දැඩි ඉලක්ක හේතුවෙන් මිල ඉහළ දැමීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම නව නීති මගින් ඉන්ධන පරිභෝජනය අඩු, පරිසර හිතකාමී වාහන වැඩි වශයෙන් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට හඳුන්වාදීමට අවස්ථාව සැලසෙන බවයි ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා....

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය...

Apple සමාගම iPhone සහ iPad උපාංගවල හඳුනාගත් බරපතළ ආරක්ෂක දුර්වලතාවක් නිවැරදි කිරීම සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා. මෙම...

ඉදිරි වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා One Nation පක්ෂය සිය ප්‍රධාන ප්‍රතිපත්ති මාලාව ඊයේ එළිදැක්වූවා. එහි ප්‍රධාන අවධානය අපරාධ මර්දනය, පොලිස්...

ඔස්ට්‍රේලියාවේ සිට විදේශ රටවලට යවන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට සංක්‍රමණය පිළිබඳ ජාතික සංවාදය තුළ නව අවධානයක් යොමුව තිබෙනවා. Money...

මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ...

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...

විදෙස් රටවලින් පැමිණෙන රියැදුරන්ට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැනවූ දැඩි පරීක්ෂණ නීති හඳුන්වා දී වසරක් ගත වීමට මත්තෙන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

Read More »

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom