ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදල් ගෙවීම පුද්ගලයාගේ වගකීමක් වන අතර, නොගෙවූ සෞඛ්‍ය සේවා බිල්පත් අනාගත වීසා අයදුම්පත් සලකා බැලීමේදී බලපෑ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ තාවකාලික වීසා හිමියන්ට Medicare පහසුකම් හිමි නොවන බැවින්, රජයේ හෝ පෞද්ගලික රෝහල්වලින් ලබාගන්නා ප්‍රතිකාර සඳහා ගෙවීමට සිදුවිය හැකියි.
විශේෂයෙන් වීසා කොන්දේසි අංක 8501 අදාළ වන පුද්ගලයන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය පුරා ප්‍රමාණවත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පවත්වාගෙන යාම අනිවාර්ය වනවා.
ජාත්‍යන්තර සිසුන් සඳහා OSHC සහ අනෙකුත් විදේශීය වීසා හිමියන් සඳහා OVHC වැනි රක්ෂණ ක්‍රම භාවිත කළ හැකි අතර, ඒවායේ වෛද්‍ය ප්‍රතිකාර, රෝහල් ගාස්තු, ඖෂධ සහ ගිලන්රථ සේවා සඳහා ඇති ආවරණය පරීක්ෂා කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිර්දේශ කරන අවම සෞඛ්‍ය රක්ෂණ ආවරණය යටතේ එක් පුද්ගලයෙකුට වසරකට අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ප්‍රතිලාභ සීමාවක් තිබිය යුතු බව ද සඳහන්.
එමෙන්ම රක්ෂණයක් තිබුණද ඇතැම් ප්‍රතිකාර සඳහා අමතර මුදල් ගෙවීමට සිදුවිය හැකි බැවින්, ප්‍රතිකාර ලබාගැනීමට පෙර රක්ෂණයෙන් ආවරණය වන වියදම් සහ තමන් ගෙවිය යුතු මුදල් පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා.
සෞඛ්‍ය රක්ෂණ වාරික නියමිත වේලාවට නොගෙවීමෙන් රක්ෂණ ආවරණයට බලපෑම් ඇතිවිය හැකි අතර, එය වීසා කොන්දේසි කඩවීමක් දක්වා වර්ධනය විය හැකි බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ඇතැම් තාවකාලික වීසා හිමියන්ට විශේෂ කොන්දේසි යටතේ Medicare පහසුකම් ලබාගත හැකි අතර, සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතා වීසා වර්ගය අනුව වෙනස් වනවා.