Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නොවැම්බර් 28 පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති මෙම සැලැස්ම සඳහා ඩොලර් මිලියන 350ක් වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ.

Coles සහ Woolworths වැනි ප්‍රධාන වෙළෙඳසල්වලට සාපේක්ෂව කිරි, පාන්, බිත්තර, මස්, පලතුරු සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියයට 30ක් අඩු මිලකට ලබාදීම මෙහි අරමුණයි.

Advertisement

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් සාමාන්‍ය වික්ටෝරියානු පවුලකට වසරකට ඩොලර් 4,274ක් පමණ ඉතිරි කරගත හැකි බව Greens පක්ෂය ඇස්තමේන්තු කර තිබෙනවා.

වික්ටෝරියා Greens නායිකා Ellen Sandell පවසන්නේ නිව්යෝර්ක් නගරාධිපති Zohran Mamdani ඉදිරිපත් කළ රජයට අයත් සුපිරි වෙළෙඳසල් පිහිටුවීමේ යෝජනාව ආදර්ශයට ගනිමින් මෙම සැලැස්ම සකස් කළ බවයි.

Banner 01

මේ අතර විශාල බැංකු සහ සූදු ව්‍යාපාර සඳහා බදු පැනවීමෙන් අවශ්‍ය මුදල් සපයාගැනීමටත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවන් හඳුන්වාදීමටත් පක්ෂය යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ රජයට අයත් සුපිරි වෙළෙඳසල් පවත්වාගෙන යෑම සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවිය හැකි අතර වෙළෙඳපොළ තරගකාරිත්වය වැඩි කිරීමෙන්ද භාණ්ඩ මිල අඩු කළ හැකි බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා...

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...

ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100...

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ආහාර මිල 30%කින් අඩු කරන්න නව සැලැස්මක්

ළමා පිළිකාවට එරෙහි සටනට පාපැදියෙන් 500km ක් යන ඔස්ට්‍රේලියාවේ ලාංකික ගුරුවරයා

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී

Read More »

වික්ටෝරියාවේ ආහාර මිල 30%කින් අඩු කරන්න නව සැලැස්මක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සඳහා වරදකරු වූ මෙල්බන් හිමිනමට සිර දඬුවම නියම කරයි

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස

Read More »

සංක්‍රමණ නීති දැඩි කළත් විදෙස් සිසුන්ට Aged Care රැකියා කළ හැකියි — Angus Taylor

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින බව විපක්ෂ නායක Angus Taylor

Read More »

ඔස්ට්‍රේලියාවෙන් සඳට යන පළමු Moon Rover එක එළිදක්වයි

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom