Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණය විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ.

Advertisement

මෙල්බන්හි Springvale සහ Keysborough ප්‍රදේශවල පිහිටි Dhamma Sarana විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ ඔහු 1994 සිට 2002 දක්වා කාලය තුළ විහාරස්ථානයට පැමිණි දැරියන් 6 දෙනෙකු අපයෝජනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.

මෙම සිරදඬුවම යටතේ හිමි නමට අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටීමෙන් පසුව පමණක් කොන්දේසි සහිත නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකියි.

Banner 01

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු Pardeep Tiwana සඳහන් කළේ ආගමික නායකයෙකු ලෙස ඔහු කෙරෙහි දෙමාපියන් සහ දරුවන් තැබූ විශ්වාසය ඉතා බරපතළ ලෙස පාවාදී ඇති බවයි.

මෙම සිදුවීම් හේතුවෙන් වින්දිත කාන්තාවන් දශක ගණනාවක් තිස්සේ මානසික පීඩාවන්ට මුහුණදී ඇති බවද අධිකරණයේදී අනාවරණය වුණා.

දඬුවම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව භික්ෂුව අධිකරණයේ සිටි තම ආධාරකරුවන් දෙස බලා සිනාසෙමින් අත වැනීම සහ ඇතැම් ආධාරකරුවන් ඔහුට වැඳ ආචාර කිරීම වින්දිතයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

සිරදඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, ස්වීඩනයට ආපසු යාමට තමන් කැමැත්තෙන් සිටින බවද හිමි නම අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් AusLanka TV ප්‍රවෘත්ති වාර්තා කළ අවස්ථාවේදී ඇතැම් පාර්ශ්ව අපට විරෝධය පළ කරමින් ආගමට අපහාස කරන බවට චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, අද අධිකරණය හමුවේ අදාළ භික්ෂුව වරදකරු බවට තහවුරු වී සිරදඬුවම් නියම කර තිබෙනවා.

ආගමික තනතුරක් හෝ සමාජ තත්ත්වයක් නීතියට ඉහළින් නොපවතින බව අපි විශ්වාස කරනවා.

ආගමික විශ්වාසයන්ට ගරු කරන අතරම, සත්‍යය සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවී, අපක්ෂපාතීව ප්‍රවෘත්ති වාර්තා කිරීමට AusLanka TV නිරන්තරයෙන් කැපවී සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සඳහා තවත් බදු සහන ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබෙනවා. සංගමය...

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන්...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සඳහා වරදකරු වූ මෙල්බන් හිමිනමට සිර දඬුවම නියම කරයි

ඔස්ට්‍රේලියාවේ රෝහල් බිල් නොගෙවූ Visa Holdersලාට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී

Read More »

ළමා පිළිකාවට එරෙහි සටනට පාපැදියෙන් 500km ක් යන ඔස්ට්‍රේලියාවේ ලාංකික ගුරුවරයා

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී

Read More »

වික්ටෝරියාවේ ආහාර මිල 30%කින් අඩු කරන්න නව සැලැස්මක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සඳහා වරදකරු වූ මෙල්බන් හිමිනමට සිර දඬුවම නියම කරයි

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස

Read More »

සංක්‍රමණ නීති දැඩි කළත් විදෙස් සිසුන්ට Aged Care රැකියා කළ හැකියි — Angus Taylor

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින බව විපක්ෂ නායක Angus Taylor

Read More »

ඔස්ට්‍රේලියාවෙන් සඳට යන පළමු Moon Rover එක එළිදක්වයි

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom