වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එවැනි පුද්ගලයන්ට membership එකෙන් ලැබෙන ගාස්තු සහනය අහිමි කළහොත්, ambulance සේවාව ලබාගැනීමේදී සාමාන්‍ය ගාස්තුවක් ගෙවීමට සිදුවිය හැකි අතර, මෙල්බන් ප්‍රදේශයේ හදිසි ambulance ගමනකට දැනට අදාළ ගාස්තුව ඩොලර් 1,477ක් පමණ වෙනවා.
වෘත්තීය සමිතිය පවසන්නේ paramedicsලාට සිදුවන වාචික අපහාස, තර්ජන සහ ශාරීරික ප්‍රහාර ඉහළ මට්ටමක පවතින බවයි.
රජයේ මෑත සමීක්ෂණයකට අනුව පසුගිය මාස 12 තුළ paramedicsලාගෙන් 93%ක් වාචික අපහාසවලටත්, 59%ක් ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලටත්, 28%ක් ශාරීරික ප්‍රහාරවලටත් මුහුණ දී ඇති බව සඳහන්.
මේ අතර, මෙම යෝජනාව යටතේ dementia හෝ brain injury වැනි තත්ත්වයක් හේතුවෙන් තම හැසිරීම පාලනය කරගත නොහැකි රෝගීන්ට දඬුවම් නොකළ යුතු බවත් Ambulance Union පෙන්වා දෙනවා.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් Ambulance Services Minister Ingrid Stitt සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කර ඇති අතර, paramedicsලාට ආරක්ෂිතව තම රාජකාරිය ඉටු කිරීමට හැකි පරිසරයක් තිබිය යුතු බව ඇය සඳහන් කර තිබෙනවා.
ආක්‍රමණශීලී හැසිරීම්වලට මුල් අවස්ථාවේදීම යම් ප්‍රතිවිපාකයක් ලබාදීමෙන් paramedicsලාගේ ආරක්ෂාව වැඩි කළ හැකිද යන්න පිළිබඳව දැන් වික්ටෝරියා තුළ අවධානය යොමුවී තිබෙනවා.
#AmbulanceVictoria #Paramedics #Healthcare #EmergencyServices #PublicSafety