

වික්ටෝරියා ප්‍රාන්තයේ දින හයක් තුළ භූ කම්පන 7ක්
Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙම භූ කම්පනයේ කේන්ද්‍රය Leongatha ආසන්නයේ පිහිටා ඇති අතර, එහි කම්පනය පුද්ගලයන් 1,800කට වැඩි පිරිසකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.
කම්පනයෙන් පසු එක් පුද්ගලයෙකු සහාය ලබාගැනීම සඳහා SES වෙත දැනුම් දී ඇති අතර, විශාල හානියක් හෝ බරපතළ තුවාල සිදුවූ බවට මේ වනවිට වාර්තා වී නැහැ.

විශේෂත්වය වන්නේ Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශයෙන් දින හයක් ඇතුළත වාර්තා වූ 7වැනි භූ කම්පනය මෙය වීමයි.
මීට පෙර ඔක්තෝබර් 3 වැනිදා Korumburra ආසන්නයෙන් 4.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ අතර, එම කම්පනයද Melbourne ඇතුළු අවට ප්‍රදේශ රැසක ජනතාවට දැනී තිබුණා.
මේ වනවිට Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශයෙන් කෙටි කාලයක් තුළ භූ කම්පන කිහිපයක් වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව ජනතාවගේ අවධානයද වැඩි වී තිබෙනවා.
කෙසේ වෙතත් බලධාරීන් භූ කම්පන තත්ත්වය පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින අතර, ඉදිරි කාලයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳවද අවධානයෙන් පසුවන බව සඳහන්.
#Leongatha #Earthquake #VictoriaEarthquake #Melbourne #Gippsland
ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු...
ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...
වික්ටෝරියාවේ Great Ocean Roadහි පිහිටි ප්‍රසිද්ධ Twelve Apostles නැරඹීමට යන සංචාරකයින්ට ඉදිරියේදී කලින් booking කිරීම අනිවාර්ය වෙනවා. නව ඩොලර් මිලියන...
වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...
Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18...

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට පමණ Waverley Road ආසන්නයේ ළදරු

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර

මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස