ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
Uber Eats වැනි විදේශීය සමාගම්වල අවශ්‍යතා අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තීරණය නොකරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
Coalition සන්ධානයේ නව සැලැස්ම අනුව ඉදිරි වසර 4 තුළ තාවකාලික වීසා හිමියන්ගේ සංඛ්‍යාව 650,000කින් පමණ අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම තීරණය හේතුවෙන් Uber, Didi සහ ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු ව්‍යාපාර රැසකට සේවක හිඟයක් ඇතිවිය හැකි බවට කනස්සල්ල පළවුණා.
කෙසේ වෙතත් Angus Taylor පවසන්නේ විදේශීය සමාගම්වල අවශ්‍යතාවලට වඩා ඔස්ට්‍රේලියානුවන්ගේ අවශ්‍යතා ප්‍රමුඛ විය යුතු බවයි.
Coalition සැලැස්ම අනුව වාර්ෂික ශුද්ධ සංක්‍රමණය පළමු වසර දෙකේදී 100,000 දක්වාත්, තුන්වැනි වසරේදී 130,000 දක්වාත්, සිව්වැනි වසරේදී 160,000 දක්වාත් සීමා කිරීමට යෝජනා කර තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළ තාවකාලික විදේශීය සේවකයන් මත අධික ලෙස රඳාපවතින තත්ත්වය වෙනස් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.