Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක අහස වර්ණවත් කරමින් දුර්ලභ Aurora Australis සංදර්ශනයක් දැකගැනීමේ අවස්ථාව පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබල ශක්ති අංශු ප්‍රවාහයක් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට බලපෑම් කිරීමෙන් ඇතිවිය හැකි භූ චුම්භක කුණාටුවක් හේතුවෙන් මෙම සංසිද්ධිය ඇතිවනවා.

ඔක්තෝබර් 6 වනදා සූර්යයාගෙන් නිකුත් වූ Coronal Mass Ejection (CME) ලෙස හඳුන්වන සූර්ය ද්‍රව්‍ය ප්‍රවාහයක් අද පෘථිවියට ළඟාවීමට නියමිත බවයි ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය තහවුරු කර ඇත්තේ.

Advertisement

මෙම භූ චුම්භක කුණාටුවේ ප්‍රබලත්වය G1 සිට G2 දක්වා පැවතිය හැකි බවට අනාවැකි පළකර ඇති අතර, එය මධ්‍යස්ථ මට්ටමේ භූ චුම්භක කුණාටුවක් ලෙස සැලකෙනවා.

විශේෂයෙන් Victoria සහ Tasmania ප්‍රාන්තවල ජනතාවට මෙම අලංකාර ආලෝක සංදර්ශනය දැකගැනීමේ වැඩි අවස්ථාවක් පවතින අතර, New South Wales, ACT, South Australia සහ Western Australia ප්‍රදේශවල ඇතැම් ස්ථානවලින්ද එය දැකගැනීමේ හැකියාව පවතිනවා.

Banner 01

මෙම සංසිද්ධියේදී රාත්‍රී අහස කොළ, රතු, රෝස සහ දම් පැහැති ආලෝක රටාවලින් වර්ණවත් විය හැකි අතර, එය සොබාදහමේ ඉතා අලංකාර දර්ශනයක් ලෙස සැලකෙනවා.

විශේෂඥයන් පවසන්නේ මෙම ආලෝක සංදර්ශනය දැකගැනීමට නගර ආලෝකයෙන් ඈත්ව, වලාකුළු නොමැති පැහැදිලි අහසක් සහිත දකුණු දෙසට විවෘත ස්ථානයක් තෝරාගැනීම වඩාත් සුදුසු බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා....

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය...

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...

ඔස්ට්‍රේලියානු විපක්ෂ නායක Angus Taylor ඉදිරිපත් කළ නව සංක්‍රමණ කප්පාදු සැලැස්ම One Nation පක්ෂයේ ප්‍රතිපත්ති අනුකරණය කිරීමක් බවට Pauline Hanson...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියානු අහසේ අසිරිමත් දර්ශනයක්

අන්තර්ජාල අපයෝජනවලට ගොදුරු වන දරුවන් ගැන ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු නව පර්යේෂණයකින් හෙළි වී

Read More »

ආර්ථික පීඩනය මැදත් සංචාර අත්නොහරින ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. Skyscanner ආයතනයේ

Read More »

මියගිය අයගේ අළු නිසා වික්ටෝරියා රෝස මල් උයනේ ගැටලුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා සේවකයන් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන් සීමිත පිරිසක් නිවසක් තුළදී රැකබලා

Read More »

AI සඳහා කරන ආයෝජන ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට බලපායිද?

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා විශාල

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන මාර්ගයක ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ දිග මෙම මාර්ග කොටසේ පසුගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom