Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර වී ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

KPMG සහ Primara Research ආයතනවල විශ්ලේෂණ අනුව, 1990 වසරට සාපේක්ෂව අද නිවාස ණය පොලී අනුපාත අඩු වුවද නිවාස මිල සහ ලබාගත යුතු ණය මුදල් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ණය වාරික සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා.

1990 වසරේ සිඩ්නි නුවර සාමාන්‍ය නිවාස ණය මුදල ඩොලර් 85,000ක් පමණ වූ අතර, වර්තමානයේ එය ඩොලර් 840,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

Advertisement

මෙල්බන්හි සාමාන්‍ය ආදායමට සාපේක්ෂව නව නිවාස ණය වාරික සඳහා වැයවන ප්‍රතිශතය 1990දී 49%ක් වූ අතර, අද එය 54%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිඩ්නි නුවර එම අගය 66%ක්, බ්‍රිස්බන්හි 59%ක් සහ ඇඩිලේඩ්හි 57%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද අනාවරණය වුණා.

Banner 01

පසුගිය වසර 36 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස ණය ප්‍රමාණය දස ගුණයකටත් වඩා වැඩි වී ඇති නමුත්, සාමාන්‍ය ආදායම් වර්ධනය වී ඇත්තේ තුන් හතර ගුණයකින් පමණක් බව පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව සැප්තැම්බර් 29 වැනිදා නිල පොලී අනුපාතය සියයට 4.60ක් දක්වා ඉහළ දැමීමත් සමඟ නිවාස ණය හිමියන්ට තවදුරටත් මූල්‍ය පීඩනයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, 1990 දශකයේ නිවාස ගැනුම්කරුවන් ද ඉහළ විරැකියාව සහ රැකියා අනාරක්ෂිතභාවය වැනි අභියෝගවලට මුහුණදුන් බව පර්යේෂකයන් සඳහන් කරන අතර, වර්තමානයේ තරුණයන්ට නිවසක් මිලදී ගැනීමේදී ඇති ප්‍රධාන බාධාව වන්නේ නිවාස මිලට සාපේක්ෂව ආදායම් ප්‍රමාණවත් නොවීම සහ මූලික තැන්පතුවක් ඉතිරි කරගැනීමට වසර ගණනාවක් ගතවීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි....

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා....

Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 36කට පෙරටත් වඩා අද ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැනීම දුෂ්කරයි

වසර 36කට පෙරටත් වඩා අද ඔස්ට්‍රේලියාවේ නිවසක් ගැනීම දුෂ්කරයි

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

Read More »

ලෝකයේ ලස්සනම දුම්රිය ස්ථාන 7 අතරට ආ මෙල්බන්හි අලුත්ම Station එක

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්

Read More »

“රුසියාවේ ඉන්ධන අපට එපා” – ඔස්ට්‍රේලියානු රජයෙන් දැඩි තීරණයක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ

Read More »

Pauline Hansonගෙන් ඔස්ට්‍රේලියානු ඡන්දදායකයන්ට පණිවිඩයක්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය වන Coalition පක්ෂවලට සහාය දීම නතර කර One Nation පක්ෂය වටා එක්වන ලෙස Pauline Hanson ඡන්දදායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ බ්‍රිස්බන්හි පැවති Conservative

Read More »

“නිවාස අර්බුදයට පැරණි බදු ක්‍රමයත් වගකිව යුතුයි” – අගමැති ඇල්බනීසි කියයි

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාම සහ තරුණ පරපුරට පළමු නිවස මිලදී ගැනීමට ඇති අපහසුතා සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීසි හිටපු අගමැති John Howardගේ රජය හඳුන්වාදුන් බදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණයන් අතර මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළට

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන් Geelong ප්‍රදේශයේ තරුණයන් ඇතුළු පිරිස්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom