

වික්ටෝරියාවේ පිහි එකතු කළ Binsවලින් බටර් පිහි සහ කතුරුත් හමුවෙයි
වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2025 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කළ තහනමෙන් පසු පොලිස් ස්ථාන 45ක මෙම විශේෂ පෙට්ටි ස්ථාපිත කර ඇති අතර ඒවා තුළ තිබී බටර් පිහි, මුළුතැන්ගෙයි කතුරු, පොරෝ සහ ගිනිඅවි පවා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව වෙළෙඳසල් හිමියන් විසින් භාරදුන් machete පිහි 5,674ක් සමඟ සමස්ත වැඩසටහන යටතේ භාරදුන් ආයුධ සංඛ්‍යාව 18,031ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම විශේෂ ආයුධ එකතු කිරීමේ bins 75ක් දකුණු ඔස්ට්‍රේලියාවේ Mount Gambier බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කර ඇති අතර ඒවා නිෂ්පාදනය, ස්ථාපනය සහ ආයුධ ඉවත් කිරීම ඇතුළු සේවා සඳහා ඩොලර් 925,000ක් වැය කර තිබෙනවා.
මුලින් ඩොලර් මිලියන 13ක වියදමක් ඇස්තමේන්තු කර තිබූ මෙම වැඩසටහන සඳහා අවසානයේ වැය වී ඇත්තේ ඩොලර් මිලියන 6.55ක් බවයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් ලේඛනවලින් හෙළි වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම මුදල් වැය කළ ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර රජය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර ඉතිරි වූ මුදල් සාප්පු සංකීර්ණවල පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි කිරීම සඳහා යොමු කළ බව බලධාරීන් පවසනවා.
මේ අතර 2026 වසරේ මේ දක්වා වික්ටෝරියා පොලිසිය විසින් තවත් පිහි සහ නීතිවිරෝධී තියුණු ආයුධ 11,200කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර පිහි ආශ්‍රිත අපරාධ මර්දනය කිරීම තවදුරටත් ප්‍රාන්තයේ ප්‍රධාන අභියෝගයක් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...
මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...
Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....
ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...
ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ශ්‍රමික

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයත්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර මාර්ගයක වළක් වසා දැමීමේ සිද්ධියක්

ඔස්ට්‍රේලියාවේ වසර 36කට පෙර නිවාස ණය පොලී අනුපාත සියයට 17ක් තරම් ඉහළ මට්ටමක පැවතියද, වර්තමානයේ තරුණ පරපුරට නිවසක් මිලදී ගැනීම එදාටත් වඩා මූල්‍යමය වශයෙන් දුෂ්කර

මෙල්බන් නගරයේ පිහිටි නව Town Hall දුම්රිය ස්ථානය 2026 වසරේ ලොව අලංකාරම දුම්රිය ස්ථාන හත අතරට තෝරාගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ හා සැලසුම් සම්මාන වැඩසටහනක්