චීනයෙන් ආනයනය කරන අඩු මිල විදුලි වාහන වැඩිවීමත් සමඟ ඔස්ට්රේලියාවේ ජීවන වියදමට සහනයක් ලැබීමේ හැකියාවක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන්ම BYD වැනි චීන වාහන සන්නාම අඩු මිලට විදුලි වාහන වෙළෙඳපොළට හඳුන්වාදීම මේ සඳහා බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
පසුගිය මාසයේදී ඔස්ට්රේලියාවේ පෙට්රල් පමණක් භාවිත කරන වාහනවලට වඩා විදුලි වාහන අලෙවිය ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, නව වාහන අලෙවියෙන් හතරෙන් එකකට ආසන්න ප්රමාණයක් දැන් බැටරි බලයෙන් ක්රියාත්මක වන විදුලි වාහනවලට හිමිව තිබෙනවා.
ඇතැම් විදුලි වාහන මාදිලි ඔස්ට්රේලියානු ඩොලර් 30,000ට අඩු මිලකටත් මිලදී ගැනීමට හැකිවීම පාරිභෝගිකයන්ගේ අවධානය දිනාගැනීමට හේතු වී තිබෙනවා.
විදුලි වාහන භාවිතය ඉහළ යාමෙන් පෙට්රල් සඳහා වැයවන මුදල අඩු කරගැනීමට හැකි අතර, ප්රවාහන වියදම් අඩුවීම උද්ධමනය පාලනය කිරීමටත් දායක විය හැකියි.
කෙසේ වෙතත්, ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල තවමත් ඉහළ මට්ටමක පවතින බැවින්, විදුලි වාහන ව්යාප්තියෙන් සමස්ත ජීවන වියදමට ලැබෙන සහනය කෙතරම්ද යන්න ඉදිරියේදී තීරණය වනු ඇති.
-#ElectricVehicles #BYD #ElectricCars #CostOfLiving #Inflation #FuelPrices