ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්‍රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී නැහැ.
ඔස්ට්‍රේලියාවේ Biosecurity නීති යටතේ මෙම භාණ්ඩ රට තුළට ගෙන ඒමට අවසර නොලැබී ඇති අතර, ගුවන් මගියා ඒවා ගුවන්තොටුපළේදී නිවැරදිව Declare කර තිබෙනවා.
සත්ත්ව අපද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන හරහා රට තුළට රෝගකාරක සහ පළිබෝධකයන් ඇතුළු වීමේ අවදානමක් පවතින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
එවැනි ද්‍රව්‍යවල Bacteria, Parasites, Insect Larvae සහ Weed Seeds අඩංගු විය හැකි අතර, ඒවා ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තයට, පරිසරයට සහ දේශීය වනජීවීන්ට තර්ජනයක් විය හැකියි.
ඒ අනුව, අදාළ Fridge Magnets රට තුළට රැගෙන යාමට අවසර නොලැබීම හේතුවෙන් ගුවන් මගියා ගුවන්තොටුපළෙන් පිටවීමට පෙර ඒවා ස්වේච්ඡාවෙන් බැහැර කර තිබෙනවා.
සිහිවටනයක් ලෙස අලෙවි කරන භාණ්ඩයක් වුවත්, එය ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට අවසර ඇති බව ඉන් අදහස් නොවන බවයි Biosecurity බලධාරීන් අවධාරණය කරන්නේ.
එබැවින්, ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් තමන් රැගෙන එන භාණ්ඩ සම්බන්ධයෙන් පවතින Biosecurity නීති කලින් පරීක්ෂා කර, අවශ්‍ය භාණ්ඩ නිවැරදිව Declare කරන ලෙස දැනුම් දී තිබෙනවා.
#SriLanka #BiosecurityAustralia #ElephantDung #FridgeMagnets #AustralianBorderForce