Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම මුදල අඩු කර තිබෙනවා.

ඒ අනුව, 2026 ජනවාරි 1 වැනිදා සිට සාමාන්‍ය Medicare කාඩ්පත් හිමියන්ට PBS යටතේ ලැයිස්තුගත කර ඇති සුදුසුකම් ලත් එක් ඖෂධ වට්ටෝරුවක් සඳහා ගෙවිය යුතු උපරිම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 31.60 සිට ඩොලර් 25 දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර, සහන කාඩ්පත් හිමියන් සඳහා එක් ඖෂධ වට්ටෝරුවකට අය කරන උපරිම මුදල ඩොලර් 7.70ක් ලෙස 2030 වසර දක්වා පවත්වාගෙන යාමට නියමිතයි. මෙමගින් විශ්‍රාමිකයන් ඇතුළු සුදුසුකම් ලබන ජනතාවට ඖෂධ වියදම් සම්බන්ධයෙන් වැඩි සහනයක් සහ ස්ථාවරත්වයක් හිමිවන බව සඳහන්.

Advertisement

ඔස්ට්‍රේලියාවේ PBS ක්‍රමය යටතේ ඖෂධ වර්ග 900කට වැඩි සංඛ්‍යාවකට සහනාධාර ලබාදෙන අතර, එමගින් අත්‍යවශ්‍ය ඖෂධ අඩු මිලකට ලබාගැනීමට රෝගීන්ට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම, ඇතැම් දිගුකාලීන සහ ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට, සුදුසුකම් අනුව, එක් වට්ටෝරුවකින් දින 60කට ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීමේ පහසුකම ද පවතිනවා. එමගින් ඖෂධ මිලදී ගැනීම සඳහා වැයවන මුදල් මෙන්ම ෆාමසි වෙත යාමට සිදුවන වාර ගණන ද අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, ඇතැම් ඖෂධ සන්නාම සඳහා අමතර ගාස්තු අය විය හැකි අතර, PBS යටතේ ආවරණය නොවන ඖෂධ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවිය හැකි බවත් සඳහන්.

මෙම පියවර හරහා ඔස්ට්‍රේලියානු පවුල්වල ඖෂධ වියදම් අඩු කරමින්, අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වඩාත් පහසු කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයන්ට ලබාදෙන JobSeeker දීමනාව ඇතුළු රජයේ ආදායම් ආධාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එම දීමනා මත යැපෙන බොහෝ පවුල්...

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්‍රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු...

Daylight Saving හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර එකිනෙකට යාබද නගර දෙකක් අතර මේ වනවිට පැයක කාල වෙනසක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය 2026 වසරේ ලොව මිත්‍රශීලීම නගරය ලෙස නම් කර තිබෙනවා. Condé Nast Traveller විසින් ප්‍රකාශයට පත් කළ 2026...

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර 2030 වසර වනවිට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ වනවිට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ගේ ඖෂධ බිල්පත් වලට රජයෙන් සහනයක්

ශරීරය සහ මොළය අකර්මන්‍ය කරන රෝග පිළිබඳව භයානක හෙළිදරව්වක්

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව 2050 වන විට මිනිස් ශරීරය

Read More »

ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන One Nation පක්ෂයෙන් ප්‍රකාශයක්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය නායක Colleen Harkin විසින් ප්‍රකාශයක්

Read More »

ඔස්ට්‍රේලියා PR බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක් – 189 Visa Invitation Round ලඟදීම

  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ශ්‍රමිකයන්ට වැදගත් නිවේදනයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, Skilled Independent හෙවත් 189 වීසා සඳහා

Read More »

අභ්‍යවකාශයේදී ඉන්ධන නිපදවීම ගැන ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලින් පරීක්ෂණයක්

අභ්‍යවකාශය තුළ සහ සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත ඉන්ධන සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ඔස්ට්‍රේලියානු පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ ඖෂධ බිල්පත් වලට රජයෙන් සහනයක්

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සහන සලසමින්, රජයේ ඖෂධ සහනාධාර ක්‍රමය වන Pharmaceutical Benefits Scheme හෙවත් PBS යටතේ ලබාගන්නා සුදුසුකම් ලත් ඖෂධ සඳහා ගෙවිය යුතු උපරිම

Read More »

තායිලන්ත තරුණියගේ ඝාතනයට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වරද පිළිගනී

ඔස්ට්‍රේලියානු ජාතික Simon Carman නම් පුද්ගලයා තායිලන්ත ජාතික තරුණියක වන Tunchanok Donhomla ගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා. තායිලන්තයේ Pattaya නගරයේ මුහුදු වෙරලක් ආසන්නයේ අතහැර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom