

ඇමරිකාවේ මරණ දඬුවමක් Live පෙන්වීමට සැරසෙයි – ඔස්ට්‍රේලියාවෙන් දැඩි විරෝධයක්
ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා බව අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.
2009 වසරේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Fort Hood හමුදා කඳවුරේදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ඇමරිකානු හමුදා වෛද්‍ය නිලධාරී Nidal Malik Hasan හට දෙසැම්බර් 3 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth විසින් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය ජනතාවට සජීවීව නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කර ඇති අතර, එය ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් එම සජීවී විකාශය පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති අතර, උප ජනාධිපති JD Vance ද එවැනි විකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැක පළකර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති Albanese සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාව දිගුකාලීනව මරණ දඬුවමට විරුද්ධ ස්ථාවරයක් දරන රටක් වන අතර, පුද්ගලයෙකුගේ මරණය සජීවීව ප්‍රදර්ශනය කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.
විශේෂයෙන්ම Facebook, YouTube, TikTok ඇතුළු සමාජ මාධ්‍යවලට මෙවැනි දර්ශන ප්‍රචාරය නොකිරීමේ සමාජ වගකීමක් පවතින බව ද අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ eSafety Commission ආයතනය පෙන්වා දෙන්නේ මෙවැනි සජීවී විකාශයක් අන්තර්ජාලයට එක්වීමට පෙර සෘජුවම අවහිර කිරීමට තමන්ට නීතිමය බලතල නොමැති නමුත්, හානිකර අන්තර්ගතයෙන් පරිශීලකයන් ආරක්ෂා කිරීමේ වගකීම අන්තර්ජාල සේවා සපයන ආයතනවලට පවතින බවයි.
ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong ද මෙම සිදුවීම පිළිබඳ කනස්සල්ල පළකර ඇති අතර, දරුවන් සහ තරුණ පිරිස් මෙවැනි ප්‍රචණ්ඩ දර්ශනවලට නිරාවරණය වීම වැළැක්විය යුතු බව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම විකාශය සිදුකළහොත් එය ඇමරිකාවේ මරණ දඬුවමක් සජීවීව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.
නොවැම්බර් 1 වැනිදා සිට තුර්කියේ වයස අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිලිබඳ...
ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ...
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා....
ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ සිදුවන විශාල වෙනස්කම් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු අවම වැටුප සම්බන්ධව...
Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...
Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක්...
ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල...

ඇමරිකාවේදී පුද්ගලයෙකුට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, එම දර්ශන ඔස්ට්‍රේලියානු ජනතාවට නැරඹීමට නොහැකි වන

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කිරීමට

මියගිය පියා වසර ගණනාවක් භාවිත කළ වාසනාවන්ත අංකවලින් ලොතරැයි මිලදී ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවකට ඩොලර් මිලියන 2.2කට අධික මුදලක සුපිරි ජයග්‍රහණයක් හිමිව තිබෙනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ West

ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය හරහා ස්ථිර පදිංචිය (Permanent Residency – PR) ලබාගැනීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයන් සඳහා 2026–27 Skilled Migration වැඩසටහනේ නව ලකුණු ක්‍රමයක්, ප්‍රමුඛතා වෘත්තීන්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවලට අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ට එරෙහිව නිවාස හිමියන්ට වැඩි නීතිමය බලතල ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ලිබර්ටේරියන් පක්ෂයේ මන්ත්‍රී David Limbrick විසින් මෙම යෝජනාව

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව