නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා.
Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්‍රවර්ධන වැඩසටහන යටතේ, නවසීලන්තයට එක් දිශාවකට ගුවන් ටිකට්පත් ඩොලර් 289 සිට ලබාගත හැකියි.
මෙම දීමනාව අදාළ වන්නේ 2026 නොවැම්බර් සිට 2027 සැප්තැම්බර් දක්වා තෝරාගත් ගමන් දින සඳහායි.
අඩුම ගාස්තුව වන ඩොලර් 289කින් ආරම්භ වන්නේ ගෝල්ඩ් කෝස්ට් සිට ඕක්ලන්ඩ් දක්වා Economy class ගුවන් ටිකට්පත්.
සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් සිට ඕක්ලන්ඩ් හෝ ක්‍රයිස්ට්චර්ච් දක්වා Economy ගාස්තුව ඩොලර් 359ක් වනවා.
එම නගර තුනේ සිට ඕක්ලන්ඩ් දක්වා Business class ගාස්තුව ඩොලර් 749ක් ලෙස සඳහන්.
ක්වීන්ස්ටවුන් බලා යන සංචාරකයන්ට මෙල්බන් සිට ඩොලර් 379කටත්, සිඩ්නි සහ බ්‍රිස්බන් සිට ඩොලර් 399කටත් Economy ටිකට්පත් ලබාගත හැකියි.
ඇඩිලේඩ් සිට වෙලින්ටන් දක්වා ඉකොනමි ගාස්තුව ඩොලර් 419ක් වන අතර, පර්ත් සිට වෙලින්ටන් දක්වා Business class ගාස්තුව ඩොලර් 1,539ක්.
ටිකට්පත් සඳහා කිලෝග්‍රෑම් 30ක ගමන් මලු දීමනාව, ආහාරපාන සහ ගුවන් ගමන අතරතුර විනෝදාස්වාද පහසුකම් ද ඇතුළත් වනවා.