Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිරදඬුවම් විඳින කාන්තාවකට අනාගතයේදී දරුවන් බිහිකිරීමේ හැකියාව ආරක්ෂා කරගැනීම සඳහා තම ඩිම්බ ශීතකර සුරක්ෂිත කරගැනීමට අදාළ අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි බවට ඔස්ට්‍රේලියානු මහාධිකරණය (High Court) සුවිශේෂී තීන්දුවක් ලබාදී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකාරිය වී වසර 10ක සිරදඬුවමක් විඳින Rachel Smith නමැති කාන්තාව මෙම නීතිමය සටන ආරම්භ කර තිබුණේ තමන්ගේ පෞද්ගලික මුදලින් Egg Freezing හෙවත් ඩිම්බ ශීතකර සුරක්ෂිත කිරීමේ වෛද්‍ය ක්‍රියාවලියක් සිදුකර ගැනීමට අවසර ඉල්ලමින්.

කෙසේ වෙතත්, ක්වීන්ස්ලන්ඩ් බන්ධනාගාර බලධාරීන් විසින් සිරකරුවන්ට Assisted Reproductive Technology භාවිත කිරීම තහනම් බව පවසමින් 2024 වසරේදී ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

Advertisement

එම තීරණයට එරෙහිව ඇය මුලින් ක්වීන්ස්ලන්ඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පසුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා අසාර්ථක වූ අතර, අවසානයේ ඔස්ට්‍රේලියාවේ ඉහළම අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ High Court විනිසුරුවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඇයගේ අභියාචනය පිළිගනිමින්, ඩිම්බ ලබාගෙන ශීතකර සුරක්ෂිත කිරීම අදාළ නීතියෙන් තහනම් කර ඇති ප්‍රජනන තාක්ෂණ ක්‍රියාවලියට අයත් නොවන බවයි තීරණය කර ඇත්තේ.

Banner 01

ඒ අනුව, බන්ධනාගාර බලධාරීන් විසින් 2024 වසරේදී ලබාදුන් ප්‍රතික්ෂේප කිරීමේ තීරණය අවලංගු කර ඇති අතර, ඇයගේ ඉල්ලීම නීතියට අනුකූලව නැවත සලකා බලන ලෙසත්, නඩු වියදම් ගෙවන ලෙසත් Queensland Corrective Services ආයතනයට නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තීන්දුවෙන් ඇයට වහාම ඩිම්බ ශීතකර සුරක්ෂිත කිරීමේ ප්‍රතිකාරය ලබාගැනීමට අවසර ලබාදී නොමැති අතර, ඒ පිළිබඳ අවසන් පරිපාලන තීරණය ගැනීම බන්ධනාගාර බලධාරීන්ට පැවරී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින්...

  මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ...

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී සහ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ සංක්‍රමණිකයන්ගේ පැමිණීම දැඩි ලෙස සීමා කළ යුතු බවට දේශපාලන යෝජනා ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින්...

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක්...

ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිරගතව සිටියදී ඩිම්බ සුරක්ෂිත කරගැනීමට සටන් කළ කාන්තාවකට ඔස්ට්‍රේලියාවේ ඉහළම අධිකරණයෙන් ජයක්

කාඩ් ගාස්තු තහනමෙන් පසුව කෝපි මිලත් ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඔක්තෝබර්

Read More »

පාඨමාලා අවසන් කරන සිසුන්ට Centrelink වෙතින් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Centrelink ශිෂ්‍ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව අවසන් වන දිනය වෙනස් වී

Read More »

පිළිකා ප්‍රතිකාරයේ අතුරු ආබාධ අඩු කළ හැකි නව ඖෂධයක් ඔස්ට්‍රේලියාවෙන්

පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට සහ රසායනික ප්‍රතිකාර හේතුවෙන් නිරෝගී රුධිර සෛලවලට සිදුවන හානිය අඩු කිරීමට උපකාරී විය හැකි නව ඖෂධයක් Adelaide University පර්යේෂකයන් විසින්

Read More »

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා නීතිවලින් නිදහස් කාටද?

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 2026 ඔක්තෝබර් 2 සිට

Read More »

විදේශීය දේපළ හිමියන්ට සහන දීමට වික්ටෝරියා රජය සැරසෙයිද?

Victoria ප්‍රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්‍රකාශයට පත් කළ මෙම තීරණය යටතේ, විදේශීය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය ගැන තීරණාත්මක පියවරක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී පසුබැස තිබෙනවා. මෙම යෝජනාවට අදාළ පනත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom