

වික්ටෝරියා PR අපේක්ෂකයන්ට අලුත් නීතියක්
වික්ටෝරියා ප්රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්රාන්ත රජය තීරණය කර

වික්ටෝරියා ප්රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් නොමිලේ ඉදිරිපත් කළ හැකිව තිබූ Registration of Interest (ROI) අයදුම්පතක් සඳහා ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට GST ඇතුළුව ඩොලර් 66ක් ගෙවීමට සිදුවන අතර, ඔස්ට්රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට එම ගාස්තුව ඩොලර් 60ක් වනවා.
මීට අමතරව, Subclass 190 හෝ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ඉල්ලීමට ආරාධනාවක් ලැබුණු පසු Nomination Application ඉදිරිපත් කිරීම සඳහා GST ඇතුළුව ඩොලර් 198ක් හෝ GST අදාළ නොවන්නේ නම් ඩොලර් 180ක් ගෙවිය යුතුයි.

ඒ අනුව, ඔස්ට්රේලියාව තුළ සිටින අයදුම්කරුවෙකුට ROI සහ Nomination Application සඳහා ගෙවීමට සිදුවන මුළු ගාස්තුව ඩොලර් 264ක් වන අතර, මෙය ෆෙඩරල් රජයට ගෙවන වීසා අයදුම්පත් ගාස්තුවට අමතරව අයවන මුදලක් බව ද සඳහන් වනවා.
කෙසේ වෙතත්, ROI අයදුම්පත ඉදිරිපත් කිරීමේදී එක් වැඩසටහන් වර්ෂයකට ගාස්තුව අය කරන්නේ එක්වරක් පමණක් වන අතර, එම වර්ෂය තුළ අයදුම්පත ඉවත් කර නැවත ඉදිරිපත් කළද තවත් ROI ගාස්තුවක් ගෙවීමට අවශ්ය වන්නේ නැහැ.
මේ අතර, 2022 හෝ ඊට පසු වසරවලදී නොව, මීට පෙර ඕනෑම වැඩසටහන් වර්ෂයකදී ROI ඉදිරිපත් කළ පුද්ගලයන්ටද 2026–27 වැඩසටහන සඳහා සලකා බැලීමට අවශ්ය නම් නව ROI අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවනවා.
වික්ටෝරියා ප්රාන්ත රජය නිකුත් කළ නව තොරතුරු අනුව, Victorian Points Test යටතේ අයදුම්කරුවන් තෝරාගැනීමේ නිර්ණායක, ප්රමුඛතාව හිමිවන කර්මාන්ත සහ ආරාධනා ලබාදීමේ ක්රියාවලිය පිළිබඳ වැඩිදුර විස්තර ද ප්රකාශයට පත් කර ඇති අතර, 2026–27 වැඩසටහන ආරම්භ වන දිනය තවමත් නිල වශයෙන් ප්රකාශයට පත් කර නැහැ.
ඊයේ දිනයේදී නැවත වරක් සවුදි අරාබියේ King Khalid ජාත්යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මිසයිල ප්රහාරයත් සමග සවුදි අරාබියේ සංචාරය කරන...
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක, රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඔස්ට්රේලියාව කිසිදු සූදානමක් නොමැති බව...
Victoria ප්රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...
වික්ටෝරියා ප්රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...
නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්රමිකතාවයකට...
ඔස්ට්රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...
මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...

වික්ටෝරියා ප්රාන්තයේ 2026–27 Skilled Migration වැඩසටහන යටතේ Subclass 190 සහ Subclass 491 වීසා සඳහා ප්රාන්ත අනුමැතිය ලබාගැනීමේ ක්රියාවලියට නව ගාස්තු හඳුන්වාදීමට ප්රාන්ත රජය තීරණය කර

මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්රදේශයේ පිහිටි

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව

ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙවැනි දරුණු

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්රවර්ධන