

මෙල්බන්හි පැයක් ඇතුළත ගිනි තැබීම් දෙකක්
මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර

මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්රීයේ Essendonහි Deakin Street ප්රදේශයේ පිහිටි කිසිවෙකු පදිංචිව නොසිටි නිවසක පළමු ගින්න හටගෙන ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පලායනු දැක ඇති බව පොලිසිය පවසනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 30 දෙනෙකු පමණ යොදවා ඇති අතර, පැයක් ඇතුළත ගින්න පාලනය කර අසල්වැසි නිවාසවලට පැතිරීම වළක්වා තිබෙනවා.

ඉන් පැයකටත් අඩු කාලයකට පසුව අද අලුයම Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි රූපලාවණ්ය මධ්යස්ථානයකට ද සැකකටයුතු ලෙස ගිනි තබා තිබෙනවා.
හඳුනා නොගත් පුද්ගලයන් විසින් ඉන්ධන බහාලුම් එම ව්යාපාරික ස්ථානයට විසි කර ගිනි තබා ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් මෝටර් රථයකින් Puckle Street දෙසට පලාගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කර ඇත්තේ.
ගිනි ගැනීම් සිදුවූ ස්ථාන දෙකම අපරාධ ස්ථාන ලෙස නම් කර විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධීන් දෙක අතර සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව පොලිසිය පවසනවා.
One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්රාන්තයේ නියෝජ්ය...
ඔස්ට්රේලියා විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරිපත් කළ නව සංක්රමණ ප්රතිපත්තිය සම්බන්ධයෙන් ව්යාපාරික හා ආර්ථික ක්ෂේත්රවලින් අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා. විපක්ෂ...
ඔක්තෝබර් 1 සිට 7 දක්වා චීනයේ පැවති Golden Week ජාතික නිවාඩු සමයේ චීන සංචාරකයින් අතර වැඩිම ඉල්ලුමක් ලැබූ ගමනාන්ත අතර...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
වික්ටෝරියා ප්රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...
ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්රේලියාව හඳුනාගෙන ඇති...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්රී ලාංකික විද්යාඥයෙකු...
ඕස්ට්රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...
ශ්රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්රේලියාවේ Murdoch University අතර නව අධ්යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...

මෙල්බන්හි වයඹදිග ප්රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අභියෝග කරමින් මෙල්බන්හි ප්රකෝටිපති ව්යාපාරික Adrian Portelli සිය පළමු LMCT+ සුපිරි වෙළෙඳසැල විවෘත කර තිබෙනවා. මෙල්බන්හි Deer Park ප්රදේශයේ පිහිටි

Virgin Australia ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ කාන්තාවකට තම පියයුරු ප්රදේශය ආවරණය වන පරිදි ජැකට්ටුවේ zip එක වසාගන්නා ලෙස ගුවන් සේවිකාවක් දැනුම්දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව

ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින බවත්, ඉදිරියේදී මෙවැනි දරුණු

නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඔස්ට්රේලියානුවන්ට Qantas ගුවන් සමාගම විශේෂ දීමනාවක් හඳුන්වාදී තිබෙනවා. Tourism New Zealand ආයතනය සමඟ එක්ව හඳුන්වා දී ඇති මෙම සතියක ප්රවර්ධන

ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්රේලියාව හඳුනාගෙන ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF)